පදවි ප්‍රාප්තියට කිකිළිය මැරීම

2017-01-08     ( <>)

රත්තරං බිජු දමන කිකිළියගේ බඩ පලා රත්තරං බිජු සෙවූ මිනිසෙකු පිළිබඳ කතාව අපි අසා ඇත්තෙමු. දවසට එක ගණනේ බිත්තර ගන්නවා වෙනුවට රත්තරං බිත්තර සියල්ල එකවර ගැනීම තෘෂ්ණාධික මිනිසාගේ අභිප‍්‍රාය විය. නමුත්, ඉන් සිදු වූයේ කිකිළියත් අහිමි වී දවස ගාණේ ලැබෙමින් තිබූ රත්තරං බිත්තරයත් අහිමි වීමයි. අද රටේ සිදුවන බොහෝ දේවල් දෙස බලන විට ඉහත කතාව සිහිපත් කරවයි. ලොතරැුයිවල මිල ඉහළ දමා ආණ්ඩුව කරන්නට යන්නේ ද එවැනිම කටයුත්තක් ද යන ප‍්‍රශ්නය පැන නඟී. කලින් පැවැති තත්ත්වය අනුව ලොතරැුයි කර්මාන්තයෙන් ආණ්ඩුවට වාර්ෂිකව රුපියල් බිලියන 50ක පමණ ආදායමක් ලැබේ. ඒ එක් ලොතරැුයි පතක් රුපියල් 20.00 ගණනේ අලෙවි කිරීමේ දී ය. පසුගිය දා ඉදිරිපත් වූ අයවැයෙන් ලොතරැුයියක මිල රුපියල් 30.00ක් කිරීමට තීරණය විය. එය හදිසියේ පැමිණි තීන්දුවකි. ලොතරැයි ක්ෂේත‍්‍රයේ යාන්ත‍්‍රණය පවත්වාගෙන යන ප‍්‍රධානතම බලවේගය වන අලෙවි නියෝජිතයන්ගෙන් විමසීමකින් තොරව ගත් අත්තනෝමතික තීරණයකි. අනෙක් අතට මිල ඉහළ දැමීමේ දී අලෙවි නියෝජිතයාගේ කොමිස් මුදල වූ රුපියල් 3.50 සුළු ආකාරයකින් හෝ ඉහළ දැමීමට ආණ්ඩුව අමතක කර තිබේ. එය අමතක වීමක් ද නැතහොත්, නොසලකා හැරීමක් ද නැතහොත් සූරාගෙනම කෑමක් දැයි වැටහෙන්නේ නැත. මේ ප‍්‍රශ්නයත් සමඟ ලොතරැුයි අලෙවි නියෝජිතයන් ඇරඹූ විරෝධතා ව්‍යාපාරය ලොතරැුයි අලෙවිය වර්ජනය කිරීමක් දක්වා දුරදිග ගොස් තිබේ. රට පුරා සිටින අලෙවි නියෝජිතයන් 4,500ක් පමණ පිරිස ද, ඔවුන්ගේ අනු නියෝජිතයන් ද සමඟ ගත් විට 40,000ක පමණ පිරිසක් මෙම ක‍්‍රියාවලිය සමඟ සම්බන්ධ අතර ඔවුන්ගෙන් සාතිශය බහුතරය වර්ජන ව්‍යාපාරය සමඟ එක්ව සිටිති. වර්ජනයේ නියුතු අලෙවි නියෝජිතයන් සේවයෙන් ඉවත් කරන බව ද, ඒ වෙනුවට නව පිරිස් බඳවා ගන්නා බව ද මුදල් අමාත්‍යවරයා ප‍්‍රකාශ කර තිබේ. ආණ්ඩුව සිදු කළ මාධ්‍ය සාකච්ඡුාවක දී රාජිත සේනාරත්න ඇමතිවරයා ප‍්‍රකාශ කළේ ”කව්ද ඕවා ගණන් ගන්නේ” යනුවෙනි. වසර ගණනක් තිස්සේ ආණ්ඩුවට ආදායම් උපදවා දුන් පිරිසක් සම්බන්ධව බලධාරීන්ගේ ප‍්‍රතිචාරය සැබැවින්ම කනගාටුදායකය. මීට දශක කිහිපයකට පෙර මෙරට ලොතරැුයි ව්‍යාපාරය ආරම්භ කරනු ලැබුවේ රෝහල්වලට ආධාර සපයන වැඩපිළිවෙළක් ලෙස ය. කෙසේ නමුත්, අද වන විට සූදු හා ඔට්ටු ඇල්ලීමේ පනතින් මෙය ද නීතිගත කොට තිබේ. ඒ ආණ්ඩුවට බද්දක් ලබා ගැනීමේ කොන්දේසිය පිට ය. සමාජ ශාලා තුළ පවත්වාගෙන යනු ලබන කැසිනෝ ආදියත්, අශ්ව රේස් සඳහා ඔට්ටු ඇල්ලීමත්, ලොතරැුයි සූදුවත් මේවාට ඇතුළත් කර තිබේ. ඒ නිසා මේවා පවත්වාගෙන යාමේ අරමුණ ආණ්ඩුවට ආදායම් ලබා ගැනීම බවට පත් කරගෙන තිබෙන බව පැහැදිලි ය. එහෙත් නීත්‍යනුකූල නොවන සූදුකෙළි රටේ තහනම් ය. බූරුවා ගැසීම ද අයත් වන්නේ එම ගණයට ය. සූදුව හොඳ හා නරක ලෙස වෙන් කිරීමට යාම විකාරයකි. එහෙත්, විකාර දේවල් බොහෝ සිදුවෙමින් තිබේ. දැන් මේ ලොතරැුයි ප‍්‍රශ්නය දහස් ගණනකගේ ජීවනෝපාය පිළිබඳ ප‍්‍රශ්නයකි. ඒ නිසා එය සරලව බැහැර කළ හැකි ප‍්‍රශ්නයක් නොවේ. ආණ්ඩුව දැවැන්ත මූල්‍ය අර්බුුදයකට මුහුණ පා සිටින බව සත්‍යයකි. පසුගිය ආණ්ඩුව සිදු කළ මහා පරිමාණ නාස්තීන් හා ¥ෂණයනුත්, ලබා ගත් දැවැන්ත ණය ප‍්‍රමාණයනුත් එයට එක් හේතුවකි. එසේම වත්මන් හවුල් ආණ්ඩුව බලයට පත් වූ පසු ගත් ණය ප‍්‍රමාණයත්, මහ බැංකු බැඳුම්කර වංචාව වැනි වංචාත්, නාස්තියත් එයට අලූතින් එකතු වී තිබේ. ඒ නිසා මේ මූල්‍ය අර්බුදයට වගකිව යුත්තේ ලොතරැුයි අලෙවි නියෝජිතයන් හෝ අලෙවිකරුවන් නොවේ. මෙරට වැඩ කරන, දුක්විඳින ජනතාව නොවේ. රට පාලනය කළ පාලකයන් ය. ඔවුන්ගේ පැලැන්තිය ය. අද බිලියන ගණනක් මූල්‍ය වංචා කළ පල් හොරු නිදැල්ලේ ය. ජනතාව ජනපති මෛත‍්‍රී ඇතුළු මේ ආණ්ඩුව බලයට පත් කළේ යහපාලනය බලාපොරොත්තුවෙනි. මේ වසරේ ජනවාරි 08 වැනිදාට ජනපති මෛත‍්‍රීගේ පදවිප‍්‍රාප්තියට දෙවසරක් පිරේ. එයට සැමරුම් උත්සව පැවැත්වේ. එහෙත්, පදවිප‍්‍රාප්තියේ ජනතා අරමුණු වූ යහපාලනයට පයින් ගසා අද ආණ්ඩුව පරණ මාවතට වැටී තිබේ. හම්බන්තොට වරාය, දකුණේ ඉඩම් අක්කර 15,000, කොළඹ වරායේ නැගෙනහිර ජැටිය, ත‍්‍රීකුණාමලයේ තෙල් ටැංකි, පුල්මුඬේ ඛනිජ වැලි නිධිය, කල්පිටියේ ¥පත්, කහටගහ මිනිරන් පතල ආදී ජාතික සම්පත් පිළිබඳ ආණ්ඩුවේ පිළිවෙත, ලොතරැුයි සම්බන්ධ පිළිවෙතින් වෙනස් වී නැත. මේ සෑම ප‍්‍රයත්නයක්ම රන් බිජු දමන කිකිළියගේ බඩ පැලීමට සමාන ය. මේ සියලූ කාරණා විසින් යළි යළිත් තහවුරු කරන යටපත් කළ නොහැකි සත්‍යයක් තිබේ. එනම් මෛත‍්‍රීලා ද, රනිල්ලා ද, රාජපක්ෂලා ද යන මේ කවරෙකු වුව ද, සිදු කළේ තම පැලැන්තිය ආරක්ෂා කරමින් පීඩිතයා භේදභින්න කරමින් පාලනය ගෙන යාම ය. එය ධනවාදයේ ස්වභාවයයි. ඒ නිසා හුදු පුද්ගලයන් වෙනුවට ප‍්‍රතිපත්ති හා ක‍්‍රම වෙනසකින් තොරව මේ කිසිදු උගුලකින් ගැලවීමේ හැකියාවක් ඇත්තේ නැත. එබැවින්, පැන නැඟී තිබෙන සියලූ අරගල සැබෑ ක‍්‍රම වෙනසක් උදා කරන වැඩපිළිවෙළක් සමග එකාබද්ධ වීම නව වසරේ හදිසි හා ප‍්‍රමුඛතම අවශ්‍යතාවයයි.

Read more