නූතන ගෝලීය අභියෝග හමුවේ නව ඉංජිනේරුවන්ගේ කාර්යභාරය

2017-01-08     (වරලත් ඉංජිනේරු ප‍්‍රසන්න සේනානායක)

අද ලොව වෛද්‍ය හා ඉංජිනේරු වෘත්තිකයන් තම රැුකියා ස්වභාවයන්හි වෙනස්කම් නොසලකමින් එකාවන්ව පෙළගැසෙමින් නායකත්වය සපයන්නේ වත්මන් අභියෝග හමුවේ තම රැුකියා සුරක්ෂිතභාවය හා සහජීවනය යන මූලික කාරණා මුල්කොට ගෙන වන අතර, එය ඉහළ වැටුපක් හා හොඳ රැුකියා අවස්ථාවක් යන ප‍්‍රාථමික කාරණාවලින් ඔබ්බට යමින් වඩාත් පුළුල් කතිකාවතකට යොමු වීම කාලෝචිතය. මධ්‍යස්ථව සිතන මතන හා නව්‍යකරණයට ඇලූම් කරන ඉංජිනේරු වෘත්තිකයන් ලෙස මෙම තත්ත්වයන් දෙස බලන කල විචිත‍්‍රව සකස් වන අපගේ සිය දහස් ගණනින් වන දේශීය නිමැයුම්කරණය පිළිබඳ ප‍්‍රකාශන බොහොමයක් පත්තර පිටු ගණන් පුරවාලයි. අවාසනාව නම් මෙම අදහස් කතාවටම පමණක් සීමා වීම ය. මෙරට නිර්මාණ යුරෝපීය හෝ විදෙස් නිෂ්පාදන සම`ග තරග කරද්දී ඔබ අපම පාරිභෝගිකයන් ලෙස දේශීය නිෂ්පාදන දෙස වපරැුසින් බලන්නේ ”අයියෝ ලෝකල් ද?” යන ඉතා අඩු ලන්සුවෙනි. ඉංජිනේරුවන් හමුවේ ඇති සැබෑම අභියෝගය මතුව එන්නේ දැන්ය. මේ වන විට ඉන්දියාව හා අවට රටවලින් අප වෙත එන නිෂ්පාදන රැුසකි. මෙරටට ත‍්‍රීරෝද රථ ආනයනය කිරීම ඇරඹි මුල් වකවානුවේ එයට විරෝධය පළ කළ ඉංජිනේරුවන් කවරෙකු ද? අද රථවාහන ආනයනයකරුවන්, වෙළෙන්දන් හා ඒ ආශ‍්‍රිත රැුකියාවේ යෙදෙන ශ‍්‍රමිකයන්ට ත‍්‍රීරෝද රථ ව්‍යාපාරය ධන ඉල්ලමක් බඳුය. අද ද ඇතැම් පළපුරුදු මෙන්ම තරුණ ඉංජිනේරුවන්ද තම වෘත්තිය සාරධර්ම පසෙකලා මුදල පසුපස හඹා යනු දැකිය හැකිය. ශ‍්‍රී ලාංකික ඉංජිනේරු උපදේශකයන් 95%ක් පමණ වන පිරිසක් දේශීය නිෂ්පාදන කෙරෙහි ඇල්මක් නොදක්වන බවක් පෙනෙනුයේ පළමුව විශ්වාසය ද, දෙවනුව එහි වෘත්තීයමය ගුණාත්මකභාවය හා වෙනත් පෞද්ගලික කාරණා හේතුවෙනි. බොහෝ ඉංජිනේරුවන් ප‍්‍රමිතිය අවශ්‍ය වන බව නිර්දේශ කරති. එහෙත් ඉන් බහුතරයකට ප‍්‍රමිතිය යනු කවරක්ද යන්න ගැන පැහැදිලි අදහසක් පවතීද යන්න සැකයකි. ඉංජිනේරු උපාධිය සමත් වන උපාධිධාරීන් නිතැතින්ම නිෂ්පාදන ආනයනය කරන සමාගම්වල සේවයට යොමු වීම හෝ යුරෝපියානු ඉන්දියානු, චීන, තායිලන්ත හෝ මැලේසියානු කලාපීය ඒජත්තයෙකු හරහා මෙරටට පටවන බහුජාතික සමාගම්වල ඉහළ වැටුප් ලබන මහාචාර්යවරයෙකු යටතේ එකී කාර්යයට උර දෙන්නෙකු බවට පත්වේ. මෙම කර්මාන්තයේ මුහුණුවර වනුයේ බොහොමයක් වූ නිෂ්පාදන පර්යේෂණාගාර පිහිටන්නේ යුරෝපයේ වන අතරම එහි නිෂ්පාදනය සිදු කෙරෙන්නේ ඉන්දියාව හෝ තායිලන්තය වැනි රටකය. එම නිෂ්පාදනවල ඒජන්තවරුන් ඉන්දියාව, තායිලන්තය, මැලේසියාව හෝ චීනය වැනි රටක සිට අපගේ දේශීය වෙළඳපොළ වෙත කඩා වදී. අනාගතයේදී යුරෝපියානු ව්‍යපාර තම වෙළෙඳපොළ සොයා ගනු ලබන්නේ ආසියාව තුළිනි. එහි දී ශ‍්‍රී ලංකාව පිවිසෙන්නේ ඉන්දියාව හා චීනය හරහා ය. මෙම නව වෙළෙඳපොළ සංස්කෘතිකය අප භාවිතාවේ යොදවන නව ලිබරල්වාදී ආර්ථික පිළිවෙත් ආරම්භයේ සිට පෙළගැසුණු අතරම, එයට අනුගතව කටයුතු කරනවා හැර ඊට විකල්පයක් ද නැත. මෙම ක‍්‍රමවේදය අනුගමනය කරන ප‍්‍රමුඛ සමාගම් කිහිපයක් ලොව පවතී. සැලසුම්ගත මෙට්රෝ්පොලිස් නවනගර ව්‍යාපෘතියට ආයෝජනය කළ හැකි දේශීය ආයෝජකයන් නොමැත. මෙම මාදිලියේ ව්‍යාපෘති එහි මතුපිටින් බැලූ කල ඉතා ආකර්ෂණීය වන්නාක් මෙන්ම, මේ වෙනුවෙන් අප ලබා ගැනෙන විදේශ ණය මුදල්, මෙරට වත්මන් ණය බර හා එම අයෝජනයෙන් උපයනු ලබන තිරසර ආදායම උපාය උපක‍්‍රම නොමැති කල්හි මෙය තවත් එක් ”මත්තලක්” වේ ද යන්න සැකසහිතය. අප කළ යුතු වන්නේ ජාතියක් වශයෙන් අපගේ ප‍්‍රමුඛතා හරි හැටි වටහා ගැනීමය. පාරිසරික සාධක, නිරන්තරයෙන් වෙනස් වන්නාවූ සංස්කෘතික පසුබිම හා සමාජ ආර්ථික කරුණු සැලකිල්ලට බඳුන් විය යුතුය. ත‍්‍රීරෝද රථය, බස් මං තීරුව සාම්ප‍්‍රදායික අධ්‍යාපනය ආදී කුමක් සැලකුව ද අප ජනතාවගෙන් 95%ක් මිථ්‍යාවට ගොදුරවී සිටියි. සංවර්ධනයට අදාළ බොහෝ තාක්ෂණික කරුණු කාරණා ගැන තීන්දු ගන්නේ දේශපාලකයන් හා දේපළ වෙළෙන්දන් වන අතර, එහි දී නගර හා ග‍්‍රාම සැලසුම් නිර්මාණ වෘත්තිකයන්ට සවන් දීමක් වන්නේ කලාතුරකිනි. මේ පිළිබඳව මහජන මතයක් ගොඩනැඟීමට අප යුහුසුළු විය යුතුය. ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගරයන්ගේ නිදහස් අධ්‍යාපන පනත වසර 04කට වඩා මහජන කතිකාවතකට බඳුන් වූ බව මෙහිදී අපට සිහිගන්වයි. මේ වන තෙක් එතුමන් හඳුන්වා දුන් මධ්‍ය විද්‍යාල පද්ධතියට වඩා හොඳ විකල්ප තවමත් අපට නැත. ඩොලර් බිලියන 60ක ආයෝජන සැලසුමක් සමස්ත රටම ආවරණය වන පරිදි සැලසුම්ගතය. අපගේ ගැටලූව මෙවන් විසල් සැලස්මක් සමස්ත රට තුළම විසිරී යන පරිදි සිදු කිරීමට සැලසුම් කරන්නේ මන්ද යන්නය. අප රටෙන් ජනතාවගෙන් අදටත් 60%ක පමණ පිරිසක් කෘෂි කර්මාන්තයේ නියැළෙන අතරම, රටෙහි ආදායමෙන් 80%ක් පමණ අගයක් බෙදී යන්නේ සමස්ත ජනගහනයෙන් 20%ක් පමණ පිරිසක් අතර ය. එය සුවිසල් ආදායම් විෂමතාවයකි. එහි තවත් පැතිකඩක් වන්නේ සියලූම රාජ්‍ය ව්‍යවසාය තම වැටුප් ගෙවීමට පවා මහා භාණ්ඩාගාරය මත අදටත් යැපීමය. මෙම විෂම චක‍්‍රයෙන් ගැලවීමට අපට ඇති එකම විකල්පය වන්නේ කුසලතා සපිරි අපගේ තරුණ ඉංජිනේරුවන් හා නිර්මාණකරුවන් පෙරට ගනිමින් නව තාක්ෂණික නිමැයුම්කරණයට ප‍්‍රවිෂ්ඨ වීමය. නොඑසේ නම් මේ අප වෙලා සිටින සුවිසල් ණය බරින් රටට ගැලවීමක් නැත. රට නිසි මඟට ගෙන ඒමට නම් පවතින පාලන ක‍්‍රමවේදයම පුළුල්ව පරිවර්තනයට ලක් කළ යුතුය. සමස්ත ක‍්‍රමවේදයම දුර්වල වන්නේ නම් අතුරු අංශ ගැන පිළියම් යෙදීම ඵල රහිතය. අපගේ රාජ්‍ය ගිණුම් ශේෂය ධන අගයක් වන තුරු, අප හට බටහිර හාම්පුතුන්ට අවනතව සිටීමට බල කෙරේ. අපගේ රටෙහි සිටිනා කුසලතා සපිරි ඉංජිනේරුවන් හා බුද්ධිමත් වෘත්තිකයන්ගේ අවමානයට හේතු වන්නේ අදටත් අපගේ රටට අදායම් ගෙනෙන්නේ මැදපෙරදිග වහල් මෙහෙයක නිරත වන අපගේම කාන්තාවන් වීමය. අප රට හිරවී ඇති ණය උගුලෙන් ගැලවීමට නම් අපගේ අපනයනයන් ගෙන් සැලකිය යුතු කොටසක් තාක්ෂණික නිමැයුම් බවට හරවා ගත යුතුය. අපගේ විදේශ විනිමය සැලකිය යුතු ප‍්‍රතිශතයක් විදෙස් අධ්‍යාපනයට, වෛද්‍ය නිෂ්පාදන ගෙන්වීමට හා ඉංජිනේරු නිෂ්පාදන උදෙසා වැය කෙරේ. මෙම තත්ත්වයට ප‍්‍රධානම හේතුව වන්නේ දේශීයව බිහිව සිටිනා ජනතාව පෙළන උගතුන් වෛද්‍ය හා ඉංජිනේරු ක්ෂේත‍්‍රවල ක‍්‍රියාත්මකව සිටීම හේතුවෙනි. මෙම තත්ත්වය පාලනය කළ හැක්කේ රජය මැදිහත්ව නිසි නියාමන අධිකාරියක් ස්ථාපනය කොට මෙම කොටස් පාලනය කිරීමෙන් පමණක්ම වේ. මෙලෙස ජනතාව පෙළන වෘත්තිකයන් හඳුනාගෙන ඔවුනට එරෙහිව සාධනීය පියවර නොගැනෙන්නේ ඔවුන්ගේ විරෝධතාවට රජය ලක්වේය යන කාරණාව නිසාය. මෙම තත්ත්වය වඩාත් දරුණු වන්නේ උක්ත කාරණාව සම්බන්ධව ජාත්‍යන්තර නියාමනයක් හෝ නිසි රාජ්‍ය ප‍්‍රතිපත්තියක් නොවීමෙනි. රජයේ රැුකියාවේ නියුතු බොහෝ වෛද්‍යවරු රහසින් පෞද්ගලික චැනලින්වල යෙදෙති. එනමුත් මෙරට ඉතිහාසයේ ගෙවුණු වසර 120 දෙස ආපසු බලද්දී වෛද්‍යවරුන් වෘත්තිය ක්ෂේත‍්‍රය තුළ අප කළ සුවිශේෂි හා නැවුම් නිර්මාණයක් නැත. එමෙන්ම බැංකු ක්ෂේත‍්‍රය තුළ තත්ත්වයද වෙනස් නැත. අපගේ රට තුළ නිෂ්පාදකයෙකු තනන පරිවාරකයක් හෝ භාවිතාවේ යෙදීමට ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් නොවේ. එම නිෂ්පාදන අඩුම තරමින් අත්හදා බැලීමටවත් අකැමැති ලං.වි.ම.ය මෙරට පාඩු ලබන රජයේ ව්‍යවසාය අතුරින් ප‍්‍රමුඛයෙකි. තවමත් අත්සන් තබා නැති ෑඔක්‍් ගිවිසුමට බොහෝ කලකට පෙර සිටම ඉන්දීය වෛද්‍යවරුන් මෙරට ඇතැම් පෞද්ගලික රෝහලවල සේවයේ යෙදෙන බව සත්‍යයකි. එකල රෙජිමය රුපියල් මිලියන ගණනින් වන අධිසර විදුලි සැපයුම් ව්‍යාපෘති ඉන්දියානු ්ඊඊ හා ීෂෑඵෑභී සමාගම්වලට පවරා දීමේ දී ලංකා ට‍්‍රාන්ස්ෆෝමර්ස් හා තවත් එවන් දේශීය සමාගම් මඟහැර ගොස් තිබිණි. මධ්‍යස්ථ මත දරන ඉංජිනේරුවන් වශයෙන් අප ඨඵධ්/ෂෑීඛ/ෂභඣ හා සෙසු දේශීය සුදුසුකම්ලාභී වෘත්තිකයන් ඔවුනගේ ”සාම්ප‍්‍රදායික ළිං මැඩි” චින්තනයෙන් මුදා ගැනීමට පොදු ජනතා හඬක් නැංවීමේ කාලය පැමිණ ඇත. ගල් අඟුරු බලාගාර ආරම්භ කෙරුණු මුල් කාලයේ කිසිවෙකු ඊට විරෝධතා දක්වා නැත. ඔවුන් මේ සියල්ල නොදුටුවා සේ පසුවිය. සැබෑ අර්බුදය මෝරා විත් ඞීසල් පද්ධති සවි කළ විට ද, නව කාඞ්බෝඞ් වීරයන් බිහි විය. එම අවස්ථාවේ ද වෘත්තිකයන් අතර ඒකාබද්ධ වැඩසටහනක් නොවිණි. මේ වන විට අශ්වයා පැන ගොස් ඇත. දැන් පාඩුව විඳ දරා ගන්නවා හැර කළ හැකි වෙන යමක් නැත. ණය යෝජනා ක‍්‍රමය ක‍්‍රියාත්මක වෙද්දී හා පෞද්ගලික වරදාන පිදෙන විට, දේශපේ‍්‍රමය, ජාති වාත්සල්‍යය අතුරුදන් වේ. යම්කිසි ප‍්‍රජාතාන්ත‍්‍රිික පරිසරයක් ගොඩනංවන විට සැබෑ විරෝධතාවලට උස් හඬක් ලැබී ඇත. මෙම කනගාටුදායක තත්ත්වය පරාජය කරන්නේ කෙලෙස ද? 1. ෑඔක්‍් ගිවිසුම අපගේ රටට සිදුවන වාසි/ අවාසි පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් කළ යුතුය. 2. රජයේ ආයතන සඳහා භාණ්ඩ හා සැපයුම් ලබා ගැනීමේදී ප‍්‍රතිපත්තිමය වශයෙන් දේශීය නිෂ්පාදිත භාණ්ඩ සඳහා ප‍්‍රමුඛත්වය ලබා දිය යුතුය. 3. දේශීය නිෂ්පාදකයාට බදු සහන හා ප‍්‍රතිලාභ හිමි විය යුතුය. 4. විශ්වවිද්‍යාල හා පෞද්ගලික අංශය එකාබද්ධව පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථාන ආරම්භ කරමින් රටට ඵලදායි පර්යේෂණවල නිරත විය යුතුය. 5. බුද්ධිමය දේපළ අයිතිය සවිමත් කරමින් එකී ආයතන සදහා බලතල ලබා දිය යුතුය. එම භාණ්ඩ චීනය හෝ ඉන්දියාව වැනි රටවලින් ගෙන්වා ගනිමින් නව නිර්මාණ දුර්මුඛ නොකළ යුතුය. 6. මෙරට දී නිෂ්පාදනය කළ හැකි වන සෑම ඖෂධයක්ම දේශීයව නිපදවා ගත යුතුය. 7. සාගර රළ උපයෝගී කර ගනිමින් බලශක්තිය නිපදවා ගැනීමේ ශක්‍යතාව පවතී. 8. ඉංජිනේරු උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් අතර පවතින විරසකකම් අවසන් කළ යුතුය. 9. ඉන්දියාව තම ලෝහ කර්මාන්ත නිෂ්පාදන මෙරටට හඳුන්වා දීමට ද, යුරෝපා නිෂ්පාදන ගෙන්වා මෙරට දී බෙදාහැරීමට ද උත්සාහ ගනු ඇත. අපගේ ඉංජිනේරුවන් විදෙස් නිෂ්පාදන ගෙඩි පිටින් භාර ගන්නේ නව ආකල්ප හා දැනුම හීනවීම හේතුවෙනි. මෙම ගැටලූවලට ඉතාම සාවධානව සවන් යොමු කරමින්, කඩිනම් විසඳුම් ලබා දිය යුතුය. 10. කර්මාන්ත අංශයෙන් සම්මාන පිරිනමන දේශීය යාන්ත‍්‍රණය වෙනස් කරමින්, කර්මාන්ත ශාලා නිරීක්ෂණය, සම්මාන පිදීමට පෙරාතුව පරීක්ෂාවට ලක් කිරීම ආදිය අවැසිය. 11. සුබවාදී දේශපාලන දැක්මක් පැවතිය යුතු අතරම, සියලූ පක්ෂ නියෝජනය වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතුය. 12. මාධ්‍ය මෙහි දී ඉතාම වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබන අතරම, එමඟින් දේශීය නිෂ්පාදන ප‍්‍රවර්ධනය කළ යුතුය. මේ සඳහා ජාතික හා ජාත්‍යන්තර කණ්ඩායම් සූදානම්ව සිටිති. 13. අප යුරෝපියානු සමාගම්වල මුල් පාර්ශ්ව දිනා ගනිමින් ඉන්දියාව හරහා සම්බන්ධ නොවී සෘජුවම එකී රටවල සමාගම් කලාපීය ශාඛා ශ‍්‍රී ලංකාවේ ආරම්භ කරන ලෙසට මව් සමාගම් උනන්දු කළ යුතුය. 14. සියලූ රූපවාහිනී නාළිකා සෘජුවම යුරෝපියානු චැනල් මඟින් ලබා ගත යුතු ය. මෙම නාළිකා ඉන්දියාව හරහා ලබා ගැනීම හේතුවෙන් ඉතා සූක්ෂ්ම අන්දමින් ඉන්දියානු බලපෑම සහිත මාලා නාටක හා වෙළෙඳ ප‍්‍රචාරක දැන්වීම් අපගේ කුඩා දරුවන්ගේ කැමැත්ත දිනා ගනී. එමඟින් අනාගත පරපුර තම ජාතික අනන්‍යතාව විනාශ කර ගනිති. 15. අප වෙළෙඳ ගිවිසුමකට යා යුතු වන්නේ යුරෝපා සංගමය, එක්සත් ජනපදය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය ආදීන් සමග ඇති කර ගෙන ඇති ගිවිසුම් හා සමාන ආකාරයටය. ඉන්දියාව අර අඳින්නේ කවරකට ද යන්න අප විමසිල්ලෙන් බැලිය යුතු ය. ප‍්‍රජාතාන්ත‍්‍රික හරයන් හා ක‍්‍රමවේද පවතින බැවින්, මූලික වශයෙන් සාකච්ජා පැවත්වීම ද, ඉන් අනතුරුව අවසන් එකඟත්වයට පෙරාතුව විකල්ප සොයා බැලීම ද වැදගත් වේ. මෙරට පාලනය කළ ¥ෂිතම රෙජිමය පරාජය කිරීමට අපට හැකියාව ලැබිණ. එමඟින් අපට ජාතියක් වශයෙන් 40%කට වැඩි වූ ණය බරක් හිසමත පැටවී ඇත.

Read more