රීබොන් කුසලාන කාන්තා ක‍්‍රිකට් තරගාවලිය

2017-02-12     (පුබුදු අරවින්ද)

අන්තර් පාසල් බාලිකා ‘රීබොන් කුසලාන’ සය සාමාජික සැහැල්ලූ පන්දු ක‍්‍රිකට් තරගාවලිය පෙබරවාරි මස 11 සහ 12 දිනවල කොළඹ මුවර්ස් පිටියේ දී පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කර ඇත. කොළඹ දිස්ත‍්‍රික් කාන්තා ක‍්‍රිකට් සංගමයේ 20 වෙනි සංවත්සරයට සමගාමීව මෙම තරගාවලිය සංවිධානය කර ඇත. මෙම තරගාවලියේ් ශූරියන්ට රීබොන් කුසලානය සම`ග මුදලින් රුපියල් 1,00,000.00ක් ද, අනුශූරතාවට රුපියල් 50,000.00ක් ද ලබා දීමට නියමිත ය. මේ ස`දහා කොළඹ පාසල් මෙන්ම ග‍්‍රාමීය බාලිකා පාසල්වලින්ද කණ්ඩායම් ඉදිරිපත් වේ.

Read more

වෙරළ වොලිබෝල් තරග සදහා කණ්ඩායම් තෝරයි

2017-02-12     (පුබුදු අරවින්ද)

ආසියානු වොලිබෝල් සංගමය විසින් සංවිධානය කරන වයස 21 පහළ ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියට සහභාගී වන ශී‍්‍ර ලංකා පිරිමි හා කාන්තා කණ්ඩායම් මේ වන විට තෝරාගෙන තිබේ. මොවුන් සහභාගී වන තරගාවලිය මාර්තු මස 2 වෙනිදා සිට 4 වෙනිදා දක්වා තායිලන්තයේ දී පැවැත්වීමට නියමිත ය. මේ ස`දහා ශී‍්‍ර ලංකා පිරිමි කණ්ඩායමට කී‍්‍රඩකයන් සිව් දෙනෙකු හා පුහුණුකරුවෙකු ඇතුළත් වන අතර, කාන්තා කණ්ඩායමට කී‍්‍රඩිකාවන් සිව්දෙනෙකු හා පුහුණුකරුවෙකු ඇතුළත් වේ. මෙහි කණ්ඩායම් තෝරා ගැනීමේ තරග ඉකුත් 22 දා ශී‍්‍ර ලංකා වොලිබෝල් සම්මේලනයේ අධීක්ෂණය යටතේ මාකොල, හෙයියන්තුඩුව තරුණ සේවා පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

Read more

කරාතේ කී‍්‍රඩකයන් තේරීම පෙබරවාරියේ

2017-01-15     (පුබුදු අරවින්ද)

මෙම වසරේ දී පැවැත්වීමට නියමිත ජ්‍යෙෂ්ඨ ආසියානු තරගාවලිය, දකුණු ආසියානු තරගාවලිය සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලිය සඳහා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් තෝරා ගැනීමේ සැසි පෙබරවාරි මස 15 සිට 19 දක්වා පැවැත්වීමට ශී‍්‍ර ලංකා කරාතේ දෝ සංගමය තීරණය කර ඇත. මෙහි දී වයස අවුරුදු 14-15, 16-17, 21ට අඩු සහ 21ට වැඩි වයස් කාණ්ඩ සඳහා දුඹුරු පටි සහ කළු පටි කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් තෝරා ගැනීමට නියමිතව ඇත.

Read more

1 වන කොටසේ ශූරතාවය තිස්ස මැදි විදුහලට

2017-01-15     (පුබුදු අරවින්ද)

වයස අවුරුදු 13න් පහළ ‘සිංගර්’ ශූරතා තරගාවලියේ පළමුවැනි කොටසේ ශූරතාව හිමි කර ගැනීමට කළුතර තිස්ස මැදි විදුහල සමත් විය. ඒ පසුගිය දා වේල්ස් කුමර විද්‍යාලය සමඟ කොළඹ තර්ස්ටන් කී‍්‍රඩාංගණයේ දී පැවැති අවසන් තරගය ජය ගනිමිනි. එහි ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් තිස්ස මැදි විදුහල පන්දු වාර 65 කදී කඩුළු 4 කට ලකුණු 217ක් වාර්තා කළේය. මෙහිදී මිතිර තිනුර ලකුණු 109ක් රැුස් කළේ ය. පිළිතුරු ලෙස වේල්ස් කුමර විද්‍යාලය පන්දු වාර 31.4ක දී කඩුලූ පහකට ලකුණු 146ක් රැුස් කිරීමට සමත් විය.

Read more

අපූරු සිහිවටනයක්

2017-01-08     (සමන් රණවකඅාරච්චි)

වර්ෂ 1975දී තරග සංචාරයක් සඳහා ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් දේශය බලා පිටත් විය. එම සංචාරය සඳහා එවකට ඉන්දීය කණ්ඩායමේ සුපිරි පිතිකරු සුනිල් ගවස්කාර් ද ඇතුළත් විය. එම සංචාරය අතරතුර දී දිනක් ඔහු තනිව ම එහි නගරයක සංචාරය කරන විට ඔහුගේ මුදල් පසුම්බිය නැති වී ඇති බව ඔහුට වැටහිණි. වටපිට බැලූ ඔහුට එම නගරයේ වාසය කරන ගණන්කාර පුද්ගලයකු දක්නට ලැබිණි. එම පුද්ගලයා වෙත ගිය ගවස්කාර් තමා කවුරුන් දැයි හඳුන්වා දී තමාට සිදු වූ ඇබැද්දිය පිළිබඳව එම පුද්ගලයාට දැන්වී ය. එවිට ගවස්කාර්ට එම ස්ථානයේ සිටින ලෙස පැවසූ එම පුද්ගලයා එතැනින් නික්ම ගියේ ය. මිනිත්තු දහයකට පමණ පසු යළි පැමිණුණු ඔහු මුදල් පසුම්බියක් ගවස්කාර්ට ලබා දුන්නේ ය. ”මහත්තයා, බලන්න මේක ද නැති වුණු පොකට් එක ?” ”ඔව් මේක තමයි.” ”බලන්න මොකුත් අඩු වෙලා ද කියලා ?” ”නැහැ මොකුත් අඩු නැහැ.” මෙසේ පැවසූ ගවස්කාර් එම පුද්ගලයාට තුටුපඬුරක් ලෙස මුදලක් ලබා දුන්නේ ය. ”මහත්තයා, මට සල්ලි එපා... අපේ ඥාති කොල්ලෙක් ඉන්නවා. ඌ කි‍්‍රකට් පිස්සෙක්. ඌට තියෙන්නෙ පුදුම ගවස්කාර් පිස්සුවක්. පුළුවන් නම් පොඞ්ඩක් ඇවිල්ලා ඌව හම්බ වෙලා යන්න.” මෙම ඉල්ලීමට එකඟ වූ ගවස්කාර් අදාළ කොලූ ගැටයා හමු වීමට ගියේය. ඒ වන විට දහතුන් වන වියේ පසු වූ මෙම කොළු ගැටයා හමු වූ ගවස්කාර් ඔහු සමඟ සුහද කතාබහක නිරත වී ඔහුට සිහිවටනයක් ලෙස තමා ළඟ තිබූ පෙන්ඩනයක් ද තෑගි දී එතැනින් පිටත් විය. එම කොලූ ගැටයා ද තමාට ගවස්කාර්ගෙන් ලැබුණු සිහිවටනය ඉතා පරිස්සමට ළඟ තබා ගත්තේ ය. 1983 වසරේ දී තරග සංචාරයක් සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඉන්දියාවට පැමිණියේ ය. එහි දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කරන යොවුන් කී‍්‍රඩකයකු සුනිල් ගවස්කාර් වෙත ගොස් යමක් පෙන්වා එය මතක දැයි ඇසී ය. ”ඔබට මේක මතක ද?” ඔව් මතකයි. මම මීට අවුරුදු කිහිපයකට කලින් ඔයගොල්ලන්ගේ රටේ පිරිමි ළමයෙකුට මේක දුන්නා. ඔබට කොහොම ද මේක හම්බ වුණේ ?” ”මම තමයි, ඔබ එදා මේක දුන්න පිරිමි ළමයා...” එදා සුනිල් ගවස්කාර්ගෙන් එම සිහිවටනය ලබා ගත් එම කොලූ ගැටයා පසුකලෙක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමෙන් බිහි වූ සුපිරි පිතිකරුවකු මෙන් ම නායකයකු ද විය. ඔහු රිචී රිචඞ්සන් ය.

Read more

වෙළෙඳ සේවා ටෙනිස් තරගාවලිය

2017-01-08     (පුබුදු අරවින්ද)

ශී‍්‍ර ලංකා වෙළෙද සේවා ටෙනිස් සංගමය සංවිධානය කළ වෙළෙද සේවා ටෙනිස් තරගාවලිය පසුගිය දා නිමාවට පත්විය. මෙම තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට ලකුණු 173ක් ලබා ගත් මාස් හෝල්ඩිංස් සමාගම සමත් වූ අතර, අනුශූරතාව ඞී.එෆ්.සී.සී. බැංකු කණ්ඩායම විසින් හිමි කර ගන්නා ලදී.

Read more