හවුලෙන් ඉවත්වීමට බහුතරයේ කැමැත්ත

2017-02-12     (ධනංජය සූරියබණ්ඩාර)

බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම සඳහා එරට පාර්ලිමේන්තුව තුළ පැවති ඡුන්ද විමසීමක දී ඒ සඳහා කැමැත්ත පළ කරමින් බහුතරයක් මන්ත‍්‍රීවරුන් ඡුන්දය ප‍්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. තවද මේ පිළිබඳ විවාදය පසුගිය අ`ගහරුවාදා මධ්‍යම රාත‍්‍රිය වන තෙක් පැවැති අතර, යුරෝපා සංගමයෙන් ඉවත්ව යෑමේ බලය අගමැති තෙරේසා මේ හට පැවරීම සඳහා අදාළ බලතල අයත් පනත බලාත්මක කිරීමටද ඡුන්දය ප‍්‍රකාශ කර තිබේ. එහි දී තුන්සියයක් ඉක්ම වූ පහළ මන්ත‍්‍රී මණ්ඩලය විසින් එම යෝජනාව වැඩි ඡුන්ද සංඛ්‍යාවකින් සම්මත කර ඇති බව ද වාර්තා වේ. කෙසේ වෙතත්, මෙම දෙවැදෑරුම් පනත සම්මත වුවත්, ඊට සාමි මන්ත‍්‍රී මණ්ඩලයේ අනුමැතිය ලැබීමේ කිසියම් ප‍්‍රමාදයක් වනු ඇති බවට විචාරකයන් විසින් මත පල කර සිටියි. මන්ද පවතින සාමි මන්ත‍්‍රී මණ්ඩලය තුළ අගමැති තෙරේසා මේ නියෝජනය කරන කොන්සවේටිව් පක්ෂයේ අවම බලයක් සාමි මන්ත‍්‍රී මණ්ඩලය තුළ පැවතීමයි.

Read more

ජනපති ට‍්‍රම්ප් අධිකරණයෙන් කැපේ

2017-02-12     (ධනංජය සූරියබණ්ඩාර)

පසුගිය 05වනදා ජනපති ට‍්‍රම්ප් විසින් කරන ලද නියෝගය එරට අධිකරණය විසින් ප‍්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ. ඔහු විසින් ප‍්‍රකාශ කර සිටිනුයේ මුස්ලිම් ජනතාව වැඩි ප‍්‍රමාණයක් ජීවත්වන රටවල් ස`දහා ඇමරිකාව වෙත පැමිණීමේ දොරටු වසා දමන බවයි. නමුත්, එය ඇමරිකානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි තීරණයක් බව පවසමින්, අදාළ නියෝගය එක්සත් ජනපද අධිකරණය විසින් අවලංගු කර ඇත. මේ ස`දහා දැඩි විරෝධය දක්වන ට‍්‍රම්ප් විසින් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් හා අදාළ විනිසුරුවරයා හට වාග් ප‍්‍රහාරයන් එල්ල කරමින් කියා සිටිනුයේ අදාළ තීන්දුව නිසා රටට ‘යමක් සිදු වුවහොත්’ ඒ ස`දහා අධිකරණය වගකිව යුතු බවයි. කෙසේ නමුත් ට‍්‍රම්ප්ගේ විධායක නියෝගය අත්හිට වූ අධිකරණයේ තීන්දුව එලෙසම පවතින අතර, නඩුව සම්පූර්ණයෙන් අවසන් වන තෙක් ඉරාකය, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය යන රටවල ඇමරිකානු වීසා හිමියන්ට එරටට ඇතුළු වීමට අවසර ලැබේ. තව ද, ප‍්‍රධාන පෙළේ ගුවන් සමාගම් ඉහත ස`දහන්් කළ රටවල්්වල මඟීන්ට ඇමරිකාවට පැමිණීම ස`දහා සිය ගුවන් සේවා පවත්වාගෙන යාම ස`දහා ද අධිකරණය විසින් අවසරය දී ඇති බව වාර්තා වේ.

Read more

ලිංගික වහල් සේවයේ යෙදවූ කාන්තාවන්ට සාධාරණය ඉල්ලයි

2017-01-15     (ධනංජය සූරියබණ්ඩාර)

දෙවන ලෝක යුද්ධ සමයේ දී කොරියානු ස්ත‍්‍රීන් ලිංගික වහලූන් ලෙස යොදා ගැනීම වෙනුවෙන් වන්දි ලබා ගැනීම සඳහා ජපානය සම`ග එළඹ ඇති ගිවිසුමට විරෝධය පාමින් බෞද්ධ භික්ෂුවක් පසුගිය 07 වැනිදා සිය සිරුරට ගිනි තබාගෙන ජීවිත හානි සිදු කර ගැනීමට උත්සාහ ගෙන ඇති බව වාර්තා වේ. 64වැනි වියේ පසුවන මෙම බෞද්ධ භික්ෂුව බරපතල ලෙස පිළිස්සුම් තුවාල ලබා සිටි අතර, රෝහල්ගත කරන විටත් සිහිසුන්ව සිටි බව වාර්තා වේ. 2015 දී ජපානය හා දකුණු කොරියාව අතර මෙම එක`ගතාවය ඇති කරගෙන ඇති අතර, ජපානය විසින් එම අත්දැකීමට මුහුණ දුන් කොරියානු කාන්තාවන්ට වන්දි මුදලක් ගෙවීමට ද එක`ගතාවය පළ කර ඇත. කොරියාවේ වෙසෙන අති බහුතරයක් කාන්තාවන් අතුරින් ලක්ෂ දෙකකට අධික පිරිසක් දෙවන ලෝක යුද සමයේ දී ජපාන හමුදාවේ ගණිකා කඳවුරු වෙත බලහත්කාරයෙන් සේවයේ යෙදවු බවට ජපානයට චෝදනා එල්ල වී ඇත.

Read more

පුද්ගල ඝාතන අවම කර ගැනීම සඳහා ජපානයෙන් සැලැස්මක්

2017-01-15     (ධනංජය සූරියබණ්ඩාර)

දැනට ලෝකයේ විශාල ගැටලූවක් ලෙස පවතින ගිනි අවි අවභාවිතය හේතුවෙන් වසරක දී විනාශ වන මිනිස් ජීවිත ගණන වැඩි වෙමින් පවතින අතර, එය අවම කර ගැනීම සඳහා ජපානය විසින් සිය රට තුළ කි‍්‍රයාත්මක කරන වැඩපිළිවෙළ සෙසු රාජ්‍යයන් හට ආදර්ශයක් බව පෙන්වා දී ඇති බව වාර්තා වේ. ඔවුන් මේ සඳහා අවධානය යොමු කර ඇත්තේ 2014 වසරේ දී පමණක් ඇමරිකාව තුළ පුද්ගලයන් 33,599ක් මෙම ගිනි අවි අවභාවිතාව හේතුවෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වීම හේතුවෙනි. ඒ අතුරින් පොලිසිය විසින් සිදු කරන ලද වෙඩි තැබීම් හේතුවෙන් මිය ගිය පුද්ගලයන් ගණන ඉතා විශාල අගයක් ගෙන ඇති බව වාර්තා වේ. ජපානය තුළ 2014 වර්ෂයේ දී ගිනි අවි අවභාවිතය හේතුවෙන් මරණයට පත් වී ඇත්තේ හය දෙනෙකු වැනි කුඩා ප‍්‍රමාණයකි. තවද මෙම ගිනි අවි පිළිබඳ නීති පැනවූ ප‍්‍රථම රට ලෙස ද ජපානය නම් කෙරේ. ජපානය විසින් පනවා ඇති නීතිරීතිවලට අනුවම කටයුතු කරමින් පුද්ගලයන් හට ගිනි අවි භාවිත කිරීමට ලබා දීම හේතුවෙන් මෙසේ තනි පුද්ගල හානි අවම කර ගැනීමට හැකි වී ඇතැයි එරට රජය විසින් පෙන්වා දෙයි. එහි දී කිසියම් සාමාන්‍ය පුද්ගලයෙකුට ගිනි අවියක් මිල දී ගැනීමට අවසර ලබා දීමේ දී දීර්ඝ ක‍්‍රියා පටිපාටියකට අනුකූලව පරීක්ෂණයට භාජනය කරන අතර, ගිනි අවිය ප‍්‍රායෝගික ලෙස හා මානසික ලෙස භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබන පුද්ගලයන් හට පමණක් ගිනි අවි ලබා දීම නිසා මෙසේ ජපානය තුළ පුද්ගල ඝාතන අවම කර ගැනීමට තමන්ට හැකි වී තිබෙන බව එරට රජය විසින් ප‍්‍රකාශ කර සිටියි. මීට අමතරව ජපානය තුළ අපරාධකරුවන් මෙල්ල කිරීමේ දී එරට පොලිසිය විසින් ගිනි අවියට වඩා ‘තයිහෝජිත්සු’ නමැති සටන් කලාව පිළිබඳව විශ්වාස කරමින් අපරාධකරුවන් මර්දනය කිරීමට පෙළඹී සිටින නිසා ද මෙම පුද්ගල ඝාතනයන් අවම කර ගැනීමට හැකි වී ඇතැයි පැවසේ.

Read more

ගැසොලින් මිල ඉහළ දැමීමට එරෙහිව ජනතාව වීදි බසියි

2017-01-15     (ධනංජය සූරියබණ්ඩාර)

මෙක්සිකෝවේ ගැසොලින් ගෑස් මිල 20%කින් ඉහළ යාම නිසා එරට ජනතාව පසුගිය 08 වැනි ඉරිදා විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. මෙම විරෝධතාවයන් තරමක් ප‍්‍රචණ්ඩකාරී බවකින් යුක්ත වූ අතර, කැලිෆෝනියාවේ පිහිටි ඉන්ධන බෙදා හැරීමේ පර්යන්තය ඉදිරිපිට දී මෙම උද්ඝෝෂණය පැවැත්විණි. මෙහිදී විරෝධතාව මැඬපැවැත්වීම සඳහා පොලිස් නිලධාරීන් පැමිණි අතර, විරෝධතාකරුවන්ගේ දැඩි විරෝධය හමුවේ ගැටුම්කාරී තත්ත්වයක් හට ගෙන ඇති බව ද වාර්තා වේ. තවද මෙසේ ගැසොලින් මිල ඉහළ යාම හේතුවෙන් මෙක්සිකෝවේ ප‍්‍රදේශ කිහිපයක පිහිටි ගෑස් බලාගාර හා ගබඩා කොල්ලකෑමටද පටන්ගෙන ඇති බව වාර්තා වේ.

Read more

සමානාත්මතාවය ඉල්ලා පෙළපාළියක්

2017-01-08     (ධනංජය සූරියබණ්ඩාර)

ඇමරිකා එක්සත් ජනපදයේ තරුණ කණ්ඩායමක් විසින් උදා වූ 2017 වසරේ සියලූ ජනතාවට නීතියේ සාධාරණත්වය සහ සමානාත්මතාවය ඇති කරන ලෙස බල කරමින් උද්ඝෝෂණයක් පැවැත්වීය. වසරෙන් වසර එක්සත් ජනපදයේ ජන ජීවිතය අවුල් වෙමින් තිබෙන බවත්, අලූතෙන් පත් වූ ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ පාලනය යටතේ ද එයට විසඳුමක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි බවත් උද්ඝෝෂකයෝ පවසති.

Read more

රුසියානු නිලධාරීන් ඇමරිකාවෙන් පිටුවහල් කරයි

2017-01-08     (ධනංජය සූරියබණ්ඩාර)

රුසියානු රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරීන් තිස්පස් දෙනෙකු ඇමරිකාවෙන් පිටුවහල් කර ඇති බවට වාර්තා වේ. මෙයට හේතුව ලෙස ඇමරිකාව විසින් පවසා සිටිනුයේ පසුගියදා පැවති අමෙරිකානු ජනාධිපතිවරණයට අයථා බලපෑම් කිරීමේ චෝදනා මත ඇමරිකාව මෙම තීරණය ගෙන ඇති බවයි. පසුව අදාළ රුසියානු රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරීන්ට ඇමරිකාවෙන් පිටත්ව යාමට පැය 72 ක කාලයක් ලබාදී ඇති බව ද වාර්තා වේ. කෙසේ වෙතත් රුසියාව පවසන්නේ චෝදනා නඟන ආකාරයේ මැදිහත්වීමක් තමන් අමෙරිකානු ජනාධිපතිවරණයට නොකළ බවයි. කෙසේ නමුත් ඇමරිකාව විසින් මෙසේ සිය රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරීන් පිටුවහල් කිරීමට ගත් තීරණය පාතාලයේ හැසිරීමක් බව ද රුසියාව විසින් පවසා සිටියි.

Read more