LANKA NEWS PAPER


කතුවැකිය

පදවි ප්‍රාප්තියට කිකිළිය මැරීම

2017-01-08     ( <>)

රත්තරං බිජු දමන කිකිළියගේ බඩ පලා රත්තරං බිජු සෙවූ මිනිසෙකු පිළිබඳ කතාව අපි අසා ඇත්තෙමු. දවසට එක ගණනේ බිත්තර ගන්නවා වෙනුවට රත්තරං බිත්තර සියල්ල එකවර ගැනීම තෘෂ්ණාධික මිනිසාගේ අභිප‍්‍රාය විය. නමුත්, ඉන් සිදු වූයේ කිකිළියත් අහිමි වී දවස ගාණේ ලැබෙමින් තිබූ රත්තරං බිත්තරයත් අහිමි වීමයි. අද රටේ සිදුවන බොහෝ දේවල් දෙස බලන විට ඉහත කතාව සිහිපත් කරවයි. ලොතරැුයිවල මිල ඉහළ දමා ආණ්ඩුව කරන්නට යන්නේ ද එවැනිම කටයුත්තක් ද යන ප‍්‍රශ්නය පැන නඟී. කලින් පැවැති තත්ත්වය අනුව ලොතරැුයි කර්මාන්තයෙන් ආණ්ඩුවට වාර්ෂිකව රුපියල් බිලියන 50ක පමණ ආදායමක් ලැබේ. ඒ එක් ලොතරැුයි පතක් රුපියල් 20.00 ගණනේ අලෙවි කිරීමේ දී ය. පසුගිය දා ඉදිරිපත් වූ අයවැයෙන් ලොතරැුයියක මිල රුපියල් 30.00ක් කිරීමට තීරණය විය. එය හදිසියේ පැමිණි තීන්දුවකි. ලොතරැයි ක්ෂේත‍්‍රයේ යාන්ත‍්‍රණය පවත්වාගෙන යන ප‍්‍රධානතම බලවේගය වන අලෙවි නියෝජිතයන්ගෙන් විමසීමකින් තොරව ගත් අත්තනෝමතික තීරණයකි. අනෙක් අතට මිල ඉහළ දැමීමේ දී අලෙවි නියෝජිතයාගේ කොමිස් මුදල වූ රුපියල් 3.50 සුළු ආකාරයකින් හෝ ඉහළ දැමීමට ආණ්ඩුව අමතක කර තිබේ. එය අමතක වීමක් ද නැතහොත්, නොසලකා හැරීමක් ද නැතහොත් සූරාගෙනම කෑමක් දැයි වැටහෙන්නේ නැත. මේ ප‍්‍රශ්නයත් සමඟ ලොතරැුයි අලෙවි නියෝජිතයන් ඇරඹූ විරෝධතා ව්‍යාපාරය ලොතරැුයි අලෙවිය වර්ජනය කිරීමක් දක්වා දුරදිග ගොස් තිබේ. රට පුරා සිටින අලෙවි නියෝජිතයන් 4,500ක් පමණ පිරිස ද, ඔවුන්ගේ අනු නියෝජිතයන් ද සමඟ ගත් විට 40,000ක පමණ පිරිසක් මෙම ක‍්‍රියාවලිය සමඟ සම්බන්ධ අතර ඔවුන්ගෙන් සාතිශය බහුතරය වර්ජන ව්‍යාපාරය සමඟ එක්ව සිටිති. වර්ජනයේ නියුතු අලෙවි නියෝජිතයන් සේවයෙන් ඉවත් කරන බව ද, ඒ වෙනුවට නව පිරිස් බඳවා ගන්නා බව ද මුදල් අමාත්‍යවරයා ප‍්‍රකාශ කර තිබේ. ආණ්ඩුව සිදු කළ මාධ්‍ය සාකච්ඡුාවක දී රාජිත සේනාරත්න ඇමතිවරයා ප‍්‍රකාශ කළේ ”කව්ද ඕවා ගණන් ගන්නේ” යනුවෙනි. වසර ගණනක් තිස්සේ ආණ්ඩුවට ආදායම් උපදවා දුන් පිරිසක් සම්බන්ධව බලධාරීන්ගේ ප‍්‍රතිචාරය සැබැවින්ම කනගාටුදායකය. මීට දශක කිහිපයකට පෙර මෙරට ලොතරැුයි ව්‍යාපාරය ආරම්භ කරනු ලැබුවේ රෝහල්වලට ආධාර සපයන වැඩපිළිවෙළක් ලෙස ය. කෙසේ නමුත්, අද වන විට සූදු හා ඔට්ටු ඇල්ලීමේ පනතින් මෙය ද නීතිගත කොට තිබේ. ඒ ආණ්ඩුවට බද්දක් ලබා ගැනීමේ කොන්දේසිය පිට ය. සමාජ ශාලා තුළ පවත්වාගෙන යනු ලබන කැසිනෝ ආදියත්, අශ්ව රේස් සඳහා ඔට්ටු ඇල්ලීමත්, ලොතරැුයි සූදුවත් මේවාට ඇතුළත් කර තිබේ. ඒ නිසා මේවා පවත්වාගෙන යාමේ අරමුණ ආණ්ඩුවට ආදායම් ලබා ගැනීම බවට පත් කරගෙන තිබෙන බව පැහැදිලි ය. එහෙත් නීත්‍යනුකූල නොවන සූදුකෙළි රටේ තහනම් ය. බූරුවා ගැසීම ද අයත් වන්නේ එම ගණයට ය. සූදුව හොඳ හා නරක ලෙස වෙන් කිරීමට යාම විකාරයකි. එහෙත්, විකාර දේවල් බොහෝ සිදුවෙමින් තිබේ. දැන් මේ ලොතරැුයි ප‍්‍රශ්නය දහස් ගණනකගේ ජීවනෝපාය පිළිබඳ ප‍්‍රශ්නයකි. ඒ නිසා එය සරලව බැහැර කළ හැකි ප‍්‍රශ්නයක් නොවේ. ආණ්ඩුව දැවැන්ත මූල්‍ය අර්බුුදයකට මුහුණ පා සිටින බව සත්‍යයකි. පසුගිය ආණ්ඩුව සිදු කළ මහා පරිමාණ නාස්තීන් හා ¥ෂණයනුත්, ලබා ගත් දැවැන්ත ණය ප‍්‍රමාණයනුත් එයට එක් හේතුවකි. එසේම වත්මන් හවුල් ආණ්ඩුව බලයට පත් වූ පසු ගත් ණය ප‍්‍රමාණයත්, මහ බැංකු බැඳුම්කර වංචාව වැනි වංචාත්, නාස්තියත් එයට අලූතින් එකතු වී තිබේ. ඒ නිසා මේ මූල්‍ය අර්බුදයට වගකිව යුත්තේ ලොතරැුයි අලෙවි නියෝජිතයන් හෝ අලෙවිකරුවන් නොවේ. මෙරට වැඩ කරන, දුක්විඳින ජනතාව නොවේ. රට පාලනය කළ පාලකයන් ය. ඔවුන්ගේ පැලැන්තිය ය. අද බිලියන ගණනක් මූල්‍ය වංචා කළ පල් හොරු නිදැල්ලේ ය. ජනතාව ජනපති මෛත‍්‍රී ඇතුළු මේ ආණ්ඩුව බලයට පත් කළේ යහපාලනය බලාපොරොත්තුවෙනි. මේ වසරේ ජනවාරි 08 වැනිදාට ජනපති මෛත‍්‍රීගේ පදවිප‍්‍රාප්තියට දෙවසරක් පිරේ. එයට සැමරුම් උත්සව පැවැත්වේ. එහෙත්, පදවිප‍්‍රාප්තියේ ජනතා අරමුණු වූ යහපාලනයට පයින් ගසා අද ආණ්ඩුව පරණ මාවතට වැටී තිබේ. හම්බන්තොට වරාය, දකුණේ ඉඩම් අක්කර 15,000, කොළඹ වරායේ නැගෙනහිර ජැටිය, ත‍්‍රීකුණාමලයේ තෙල් ටැංකි, පුල්මුඬේ ඛනිජ වැලි නිධිය, කල්පිටියේ ¥පත්, කහටගහ මිනිරන් පතල ආදී ජාතික සම්පත් පිළිබඳ ආණ්ඩුවේ පිළිවෙත, ලොතරැුයි සම්බන්ධ පිළිවෙතින් වෙනස් වී නැත. මේ සෑම ප‍්‍රයත්නයක්ම රන් බිජු දමන කිකිළියගේ බඩ පැලීමට සමාන ය. මේ සියලූ කාරණා විසින් යළි යළිත් තහවුරු කරන යටපත් කළ නොහැකි සත්‍යයක් තිබේ. එනම් මෛත‍්‍රීලා ද, රනිල්ලා ද, රාජපක්ෂලා ද යන මේ කවරෙකු වුව ද, සිදු කළේ තම පැලැන්තිය ආරක්ෂා කරමින් පීඩිතයා භේදභින්න කරමින් පාලනය ගෙන යාම ය. එය ධනවාදයේ ස්වභාවයයි. ඒ නිසා හුදු පුද්ගලයන් වෙනුවට ප‍්‍රතිපත්ති හා ක‍්‍රම වෙනසකින් තොරව මේ කිසිදු උගුලකින් ගැලවීමේ හැකියාවක් ඇත්තේ නැත. එබැවින්, පැන නැඟී තිබෙන සියලූ අරගල සැබෑ ක‍්‍රම වෙනසක් උදා කරන වැඩපිළිවෙළක් සමග එකාබද්ධ වීම නව වසරේ හදිසි හා ප‍්‍රමුඛතම අවශ්‍යතාවයයි.

Read more
විද්වත් සාකච්ඡා

නූතන ගෝලීය අභියෝග හමුවේ නව ඉංජිනේරුවන්ගේ කාර්යභාරය

2017-01-08     (වරලත් ඉංජිනේරු ප‍්‍රසන්න සේනානායක)

අද ලොව වෛද්‍ය හා ඉංජිනේරු වෘත්තිකයන් තම රැුකියා ස්වභාවයන්හි වෙනස්කම් නොසලකමින් එකාවන්ව පෙළගැසෙමින් නායකත්වය සපයන්නේ වත්මන් අභියෝග හමුවේ තම රැුකියා සුරක්ෂිතභාවය හා සහජීවනය යන මූලික කාරණා මුල්කොට ගෙන වන අතර, එය ඉහළ වැටුපක් හා හොඳ රැුකියා අවස්ථාවක් යන ප‍්‍රාථමික කාරණාවලින් ඔබ්බට යමින් වඩාත් පුළුල් කතිකාවතකට යොමු වීම කාලෝචිතය. මධ්‍යස්ථව සිතන මතන හා නව්‍යකරණයට ඇලූම් කරන ඉංජිනේරු වෘත්තිකයන් ලෙස මෙම තත්ත්වයන් දෙස බලන කල විචිත‍්‍රව සකස් වන අපගේ සිය දහස් ගණනින් වන දේශීය නිමැයුම්කරණය පිළිබඳ ප‍්‍රකාශන බොහොමයක් පත්තර පිටු ගණන් පුරවාලයි. අවාසනාව නම් මෙම අදහස් කතාවටම පමණක් සීමා වීම ය. මෙරට නිර්මාණ යුරෝපීය හෝ විදෙස් නිෂ්පාදන සම`ග තරග කරද්දී ඔබ අපම පාරිභෝගිකයන් ලෙස දේශීය නිෂ්පාදන දෙස වපරැුසින් බලන්නේ ”අයියෝ ලෝකල් ද?” යන ඉතා අඩු ලන්සුවෙනි. ඉංජිනේරුවන් හමුවේ ඇති සැබෑම අභියෝගය මතුව එන්නේ දැන්ය. මේ වන විට ඉන්දියාව හා අවට රටවලින් අප වෙත එන නිෂ්පාදන රැුසකි. මෙරටට ත‍්‍රීරෝද රථ ආනයනය කිරීම ඇරඹි මුල් වකවානුවේ එයට විරෝධය පළ කළ ඉංජිනේරුවන් කවරෙකු ද? අද රථවාහන ආනයනයකරුවන්, වෙළෙන්දන් හා ඒ ආශ‍්‍රිත රැුකියාවේ යෙදෙන ශ‍්‍රමිකයන්ට ත‍්‍රීරෝද රථ ව්‍යාපාරය ධන ඉල්ලමක් බඳුය. අද ද ඇතැම් පළපුරුදු මෙන්ම තරුණ ඉංජිනේරුවන්ද තම වෘත්තිය සාරධර්ම පසෙකලා මුදල පසුපස හඹා යනු දැකිය හැකිය. ශ‍්‍රී ලාංකික ඉංජිනේරු උපදේශකයන් 95%ක් පමණ වන පිරිසක් දේශීය නිෂ්පාදන කෙරෙහි ඇල්මක් නොදක්වන බවක් පෙනෙනුයේ පළමුව විශ්වාසය ද, දෙවනුව එහි වෘත්තීයමය ගුණාත්මකභාවය හා වෙනත් පෞද්ගලික කාරණා හේතුවෙනි. බොහෝ ඉංජිනේරුවන් ප‍්‍රමිතිය අවශ්‍ය වන බව නිර්දේශ කරති. එහෙත් ඉන් බහුතරයකට ප‍්‍රමිතිය යනු කවරක්ද යන්න ගැන පැහැදිලි අදහසක් පවතීද යන්න සැකයකි. ඉංජිනේරු උපාධිය සමත් වන උපාධිධාරීන් නිතැතින්ම නිෂ්පාදන ආනයනය කරන සමාගම්වල සේවයට යොමු වීම හෝ යුරෝපියානු ඉන්දියානු, චීන, තායිලන්ත හෝ මැලේසියානු කලාපීය ඒජත්තයෙකු හරහා මෙරටට පටවන බහුජාතික සමාගම්වල ඉහළ වැටුප් ලබන මහාචාර්යවරයෙකු යටතේ එකී කාර්යයට උර දෙන්නෙකු බවට පත්වේ. මෙම කර්මාන්තයේ මුහුණුවර වනුයේ බොහොමයක් වූ නිෂ්පාදන පර්යේෂණාගාර පිහිටන්නේ යුරෝපයේ වන අතරම එහි නිෂ්පාදනය සිදු කෙරෙන්නේ ඉන්දියාව හෝ තායිලන්තය වැනි රටකය. එම නිෂ්පාදනවල ඒජන්තවරුන් ඉන්දියාව, තායිලන්තය, මැලේසියාව හෝ චීනය වැනි රටක සිට අපගේ දේශීය වෙළඳපොළ වෙත කඩා වදී. අනාගතයේදී යුරෝපියානු ව්‍යපාර තම වෙළෙඳපොළ සොයා ගනු ලබන්නේ ආසියාව තුළිනි. එහි දී ශ‍්‍රී ලංකාව පිවිසෙන්නේ ඉන්දියාව හා චීනය හරහා ය. මෙම නව වෙළෙඳපොළ සංස්කෘතිකය අප භාවිතාවේ යොදවන නව ලිබරල්වාදී ආර්ථික පිළිවෙත් ආරම්භයේ සිට පෙළගැසුණු අතරම, එයට අනුගතව කටයුතු කරනවා හැර ඊට විකල්පයක් ද නැත. මෙම ක‍්‍රමවේදය අනුගමනය කරන ප‍්‍රමුඛ සමාගම් කිහිපයක් ලොව පවතී. සැලසුම්ගත මෙට්රෝ්පොලිස් නවනගර ව්‍යාපෘතියට ආයෝජනය කළ හැකි දේශීය ආයෝජකයන් නොමැත. මෙම මාදිලියේ ව්‍යාපෘති එහි මතුපිටින් බැලූ කල ඉතා ආකර්ෂණීය වන්නාක් මෙන්ම, මේ වෙනුවෙන් අප ලබා ගැනෙන විදේශ ණය මුදල්, මෙරට වත්මන් ණය බර හා එම අයෝජනයෙන් උපයනු ලබන තිරසර ආදායම උපාය උපක‍්‍රම නොමැති කල්හි මෙය තවත් එක් ”මත්තලක්” වේ ද යන්න සැකසහිතය. අප කළ යුතු වන්නේ ජාතියක් වශයෙන් අපගේ ප‍්‍රමුඛතා හරි හැටි වටහා ගැනීමය. පාරිසරික සාධක, නිරන්තරයෙන් වෙනස් වන්නාවූ සංස්කෘතික පසුබිම හා සමාජ ආර්ථික කරුණු සැලකිල්ලට බඳුන් විය යුතුය. ත‍්‍රීරෝද රථය, බස් මං තීරුව සාම්ප‍්‍රදායික අධ්‍යාපනය ආදී කුමක් සැලකුව ද අප ජනතාවගෙන් 95%ක් මිථ්‍යාවට ගොදුරවී සිටියි. සංවර්ධනයට අදාළ බොහෝ තාක්ෂණික කරුණු කාරණා ගැන තීන්දු ගන්නේ දේශපාලකයන් හා දේපළ වෙළෙන්දන් වන අතර, එහි දී නගර හා ග‍්‍රාම සැලසුම් නිර්මාණ වෘත්තිකයන්ට සවන් දීමක් වන්නේ කලාතුරකිනි. මේ පිළිබඳව මහජන මතයක් ගොඩනැඟීමට අප යුහුසුළු විය යුතුය. ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගරයන්ගේ නිදහස් අධ්‍යාපන පනත වසර 04කට වඩා මහජන කතිකාවතකට බඳුන් වූ බව මෙහිදී අපට සිහිගන්වයි. මේ වන තෙක් එතුමන් හඳුන්වා දුන් මධ්‍ය විද්‍යාල පද්ධතියට වඩා හොඳ විකල්ප තවමත් අපට නැත. ඩොලර් බිලියන 60ක ආයෝජන සැලසුමක් සමස්ත රටම ආවරණය වන පරිදි සැලසුම්ගතය. අපගේ ගැටලූව මෙවන් විසල් සැලස්මක් සමස්ත රට තුළම විසිරී යන පරිදි සිදු කිරීමට සැලසුම් කරන්නේ මන්ද යන්නය. අප රටෙන් ජනතාවගෙන් අදටත් 60%ක පමණ පිරිසක් කෘෂි කර්මාන්තයේ නියැළෙන අතරම, රටෙහි ආදායමෙන් 80%ක් පමණ අගයක් බෙදී යන්නේ සමස්ත ජනගහනයෙන් 20%ක් පමණ පිරිසක් අතර ය. එය සුවිසල් ආදායම් විෂමතාවයකි. එහි තවත් පැතිකඩක් වන්නේ සියලූම රාජ්‍ය ව්‍යවසාය තම වැටුප් ගෙවීමට පවා මහා භාණ්ඩාගාරය මත අදටත් යැපීමය. මෙම විෂම චක‍්‍රයෙන් ගැලවීමට අපට ඇති එකම විකල්පය වන්නේ කුසලතා සපිරි අපගේ තරුණ ඉංජිනේරුවන් හා නිර්මාණකරුවන් පෙරට ගනිමින් නව තාක්ෂණික නිමැයුම්කරණයට ප‍්‍රවිෂ්ඨ වීමය. නොඑසේ නම් මේ අප වෙලා සිටින සුවිසල් ණය බරින් රටට ගැලවීමක් නැත. රට නිසි මඟට ගෙන ඒමට නම් පවතින පාලන ක‍්‍රමවේදයම පුළුල්ව පරිවර්තනයට ලක් කළ යුතුය. සමස්ත ක‍්‍රමවේදයම දුර්වල වන්නේ නම් අතුරු අංශ ගැන පිළියම් යෙදීම ඵල රහිතය. අපගේ රාජ්‍ය ගිණුම් ශේෂය ධන අගයක් වන තුරු, අප හට බටහිර හාම්පුතුන්ට අවනතව සිටීමට බල කෙරේ. අපගේ රටෙහි සිටිනා කුසලතා සපිරි ඉංජිනේරුවන් හා බුද්ධිමත් වෘත්තිකයන්ගේ අවමානයට හේතු වන්නේ අදටත් අපගේ රටට අදායම් ගෙනෙන්නේ මැදපෙරදිග වහල් මෙහෙයක නිරත වන අපගේම කාන්තාවන් වීමය. අප රට හිරවී ඇති ණය උගුලෙන් ගැලවීමට නම් අපගේ අපනයනයන් ගෙන් සැලකිය යුතු කොටසක් තාක්ෂණික නිමැයුම් බවට හරවා ගත යුතුය. අපගේ විදේශ විනිමය සැලකිය යුතු ප‍්‍රතිශතයක් විදෙස් අධ්‍යාපනයට, වෛද්‍ය නිෂ්පාදන ගෙන්වීමට හා ඉංජිනේරු නිෂ්පාදන උදෙසා වැය කෙරේ. මෙම තත්ත්වයට ප‍්‍රධානම හේතුව වන්නේ දේශීයව බිහිව සිටිනා ජනතාව පෙළන උගතුන් වෛද්‍ය හා ඉංජිනේරු ක්ෂේත‍්‍රවල ක‍්‍රියාත්මකව සිටීම හේතුවෙනි. මෙම තත්ත්වය පාලනය කළ හැක්කේ රජය මැදිහත්ව නිසි නියාමන අධිකාරියක් ස්ථාපනය කොට මෙම කොටස් පාලනය කිරීමෙන් පමණක්ම වේ. මෙලෙස ජනතාව පෙළන වෘත්තිකයන් හඳුනාගෙන ඔවුනට එරෙහිව සාධනීය පියවර නොගැනෙන්නේ ඔවුන්ගේ විරෝධතාවට රජය ලක්වේය යන කාරණාව නිසාය. මෙම තත්ත්වය වඩාත් දරුණු වන්නේ උක්ත කාරණාව සම්බන්ධව ජාත්‍යන්තර නියාමනයක් හෝ නිසි රාජ්‍ය ප‍්‍රතිපත්තියක් නොවීමෙනි. රජයේ රැුකියාවේ නියුතු බොහෝ වෛද්‍යවරු රහසින් පෞද්ගලික චැනලින්වල යෙදෙති. එනමුත් මෙරට ඉතිහාසයේ ගෙවුණු වසර 120 දෙස ආපසු බලද්දී වෛද්‍යවරුන් වෘත්තිය ක්ෂේත‍්‍රය තුළ අප කළ සුවිශේෂි හා නැවුම් නිර්මාණයක් නැත. එමෙන්ම බැංකු ක්ෂේත‍්‍රය තුළ තත්ත්වයද වෙනස් නැත. අපගේ රට තුළ නිෂ්පාදකයෙකු තනන පරිවාරකයක් හෝ භාවිතාවේ යෙදීමට ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් නොවේ. එම නිෂ්පාදන අඩුම තරමින් අත්හදා බැලීමටවත් අකැමැති ලං.වි.ම.ය මෙරට පාඩු ලබන රජයේ ව්‍යවසාය අතුරින් ප‍්‍රමුඛයෙකි. තවමත් අත්සන් තබා නැති ෑඔක්‍් ගිවිසුමට බොහෝ කලකට පෙර සිටම ඉන්දීය වෛද්‍යවරුන් මෙරට ඇතැම් පෞද්ගලික රෝහලවල සේවයේ යෙදෙන බව සත්‍යයකි. එකල රෙජිමය රුපියල් මිලියන ගණනින් වන අධිසර විදුලි සැපයුම් ව්‍යාපෘති ඉන්දියානු ්ඊඊ හා ීෂෑඵෑභී සමාගම්වලට පවරා දීමේ දී ලංකා ට‍්‍රාන්ස්ෆෝමර්ස් හා තවත් එවන් දේශීය සමාගම් මඟහැර ගොස් තිබිණි. මධ්‍යස්ථ මත දරන ඉංජිනේරුවන් වශයෙන් අප ඨඵධ්/ෂෑීඛ/ෂභඣ හා සෙසු දේශීය සුදුසුකම්ලාභී වෘත්තිකයන් ඔවුනගේ ”සාම්ප‍්‍රදායික ළිං මැඩි” චින්තනයෙන් මුදා ගැනීමට පොදු ජනතා හඬක් නැංවීමේ කාලය පැමිණ ඇත. ගල් අඟුරු බලාගාර ආරම්භ කෙරුණු මුල් කාලයේ කිසිවෙකු ඊට විරෝධතා දක්වා නැත. ඔවුන් මේ සියල්ල නොදුටුවා සේ පසුවිය. සැබෑ අර්බුදය මෝරා විත් ඞීසල් පද්ධති සවි කළ විට ද, නව කාඞ්බෝඞ් වීරයන් බිහි විය. එම අවස්ථාවේ ද වෘත්තිකයන් අතර ඒකාබද්ධ වැඩසටහනක් නොවිණි. මේ වන විට අශ්වයා පැන ගොස් ඇත. දැන් පාඩුව විඳ දරා ගන්නවා හැර කළ හැකි වෙන යමක් නැත. ණය යෝජනා ක‍්‍රමය ක‍්‍රියාත්මක වෙද්දී හා පෞද්ගලික වරදාන පිදෙන විට, දේශපේ‍්‍රමය, ජාති වාත්සල්‍යය අතුරුදන් වේ. යම්කිසි ප‍්‍රජාතාන්ත‍්‍රිික පරිසරයක් ගොඩනංවන විට සැබෑ විරෝධතාවලට උස් හඬක් ලැබී ඇත. මෙම කනගාටුදායක තත්ත්වය පරාජය කරන්නේ කෙලෙස ද? 1. ෑඔක්‍් ගිවිසුම අපගේ රටට සිදුවන වාසි/ අවාසි පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් කළ යුතුය. 2. රජයේ ආයතන සඳහා භාණ්ඩ හා සැපයුම් ලබා ගැනීමේදී ප‍්‍රතිපත්තිමය වශයෙන් දේශීය නිෂ්පාදිත භාණ්ඩ සඳහා ප‍්‍රමුඛත්වය ලබා දිය යුතුය. 3. දේශීය නිෂ්පාදකයාට බදු සහන හා ප‍්‍රතිලාභ හිමි විය යුතුය. 4. විශ්වවිද්‍යාල හා පෞද්ගලික අංශය එකාබද්ධව පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථාන ආරම්භ කරමින් රටට ඵලදායි පර්යේෂණවල නිරත විය යුතුය. 5. බුද්ධිමය දේපළ අයිතිය සවිමත් කරමින් එකී ආයතන සදහා බලතල ලබා දිය යුතුය. එම භාණ්ඩ චීනය හෝ ඉන්දියාව වැනි රටවලින් ගෙන්වා ගනිමින් නව නිර්මාණ දුර්මුඛ නොකළ යුතුය. 6. මෙරට දී නිෂ්පාදනය කළ හැකි වන සෑම ඖෂධයක්ම දේශීයව නිපදවා ගත යුතුය. 7. සාගර රළ උපයෝගී කර ගනිමින් බලශක්තිය නිපදවා ගැනීමේ ශක්‍යතාව පවතී. 8. ඉංජිනේරු උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් අතර පවතින විරසකකම් අවසන් කළ යුතුය. 9. ඉන්දියාව තම ලෝහ කර්මාන්ත නිෂ්පාදන මෙරටට හඳුන්වා දීමට ද, යුරෝපා නිෂ්පාදන ගෙන්වා මෙරට දී බෙදාහැරීමට ද උත්සාහ ගනු ඇත. අපගේ ඉංජිනේරුවන් විදෙස් නිෂ්පාදන ගෙඩි පිටින් භාර ගන්නේ නව ආකල්ප හා දැනුම හීනවීම හේතුවෙනි. මෙම ගැටලූවලට ඉතාම සාවධානව සවන් යොමු කරමින්, කඩිනම් විසඳුම් ලබා දිය යුතුය. 10. කර්මාන්ත අංශයෙන් සම්මාන පිරිනමන දේශීය යාන්ත‍්‍රණය වෙනස් කරමින්, කර්මාන්ත ශාලා නිරීක්ෂණය, සම්මාන පිදීමට පෙරාතුව පරීක්ෂාවට ලක් කිරීම ආදිය අවැසිය. 11. සුබවාදී දේශපාලන දැක්මක් පැවතිය යුතු අතරම, සියලූ පක්ෂ නියෝජනය වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතුය. 12. මාධ්‍ය මෙහි දී ඉතාම වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබන අතරම, එමඟින් දේශීය නිෂ්පාදන ප‍්‍රවර්ධනය කළ යුතුය. මේ සඳහා ජාතික හා ජාත්‍යන්තර කණ්ඩායම් සූදානම්ව සිටිති. 13. අප යුරෝපියානු සමාගම්වල මුල් පාර්ශ්ව දිනා ගනිමින් ඉන්දියාව හරහා සම්බන්ධ නොවී සෘජුවම එකී රටවල සමාගම් කලාපීය ශාඛා ශ‍්‍රී ලංකාවේ ආරම්භ කරන ලෙසට මව් සමාගම් උනන්දු කළ යුතුය. 14. සියලූ රූපවාහිනී නාළිකා සෘජුවම යුරෝපියානු චැනල් මඟින් ලබා ගත යුතු ය. මෙම නාළිකා ඉන්දියාව හරහා ලබා ගැනීම හේතුවෙන් ඉතා සූක්ෂ්ම අන්දමින් ඉන්දියානු බලපෑම සහිත මාලා නාටක හා වෙළෙඳ ප‍්‍රචාරක දැන්වීම් අපගේ කුඩා දරුවන්ගේ කැමැත්ත දිනා ගනී. එමඟින් අනාගත පරපුර තම ජාතික අනන්‍යතාව විනාශ කර ගනිති. 15. අප වෙළෙඳ ගිවිසුමකට යා යුතු වන්නේ යුරෝපා සංගමය, එක්සත් ජනපදය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය ආදීන් සමග ඇති කර ගෙන ඇති ගිවිසුම් හා සමාන ආකාරයටය. ඉන්දියාව අර අඳින්නේ කවරකට ද යන්න අප විමසිල්ලෙන් බැලිය යුතු ය. ප‍්‍රජාතාන්ත‍්‍රික හරයන් හා ක‍්‍රමවේද පවතින බැවින්, මූලික වශයෙන් සාකච්ජා පැවත්වීම ද, ඉන් අනතුරුව අවසන් එකඟත්වයට පෙරාතුව විකල්ප සොයා බැලීම ද වැදගත් වේ. මෙරට පාලනය කළ ¥ෂිතම රෙජිමය පරාජය කිරීමට අපට හැකියාව ලැබිණ. එමඟින් අපට ජාතියක් වශයෙන් 40%කට වැඩි වූ ණය බරක් හිසමත පැටවී ඇත.

Read more
වෙර

ලොතරයියට වින කටින මිල වැඩිවීම

2017-01-08     (කිත්සිරි කොඩිතුවක්කු)

ලොතරැයි පතක මිල රුපියල් විස්සේ සිට තිහ දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. මෙම තීරණයට ලොතරැුයි නියෝජිතයන්ගේ සිට බස් රථයකට නැඟ ලොතරැයි ටිකට් පතක් අලෙවි කරන කුඩා පරිමාණ ජංගම ලොතරැුයි වෙළෙන්දාගේ සිට විරෝධය ආණ්ඩුවට එල්ල වෙමින් තිබේ. මුලදී රුපියල් දහයකට මිල නියම වී තිබුණු ලොතරැයි ටිකට් පතක් රුපියල් විස්ස දක්වා මිල ඉහළ නැංවුණු අතර, එහි දී එය ලොතරැුයි වෙළෙදාමට සෘජුව ම බලපෑම් කරමින්, අලෙවිය සියයට පනහක් දක්වා පහත වැටුණු බව අලෙවි නියෝජිතයෝ ප‍්‍රකාශ කර සිටිති. කෙසේ වුව ද, ත්‍යාග මුදල් යම් ප‍්‍රමාණයකට ඉහළ නැංවීම මඟින් නැවත අලෙවිය යම් මට්ටමකට ඉහළ දමා ගැනීමට හැකි වුණු බව ප‍්‍රකාශ කරන වෙළඳ නියෝජිතයෝ ප‍්‍රකාශ කරනුයේ මෙවර රුපියල් තිහ දක්වා මිල ඉහළ දැමීම මඟින් පෙර තත්ත්වයට වඩා වැඩි ප‍්‍රතිශතයකින් ලොතරැුයි අලෙවිය පහළ වැටීමේ ලකුණු ඇති බවයි. ආණ්ඩුව විසින් ලොතරැුයි පවත්වාගෙන යාමේ මූලික අරමුණ වූයේ වැඩි වශයෙන් ම සුභසාධන කටයුතු වෙනුවෙන් මුදල් සපයා ගැනීම වන අතර, වාර්ෂිකව ලොතරැුයි අලෙවිය මඟින් රජයට රුපියල් බිලියන පනහකට ආසන්න මුදලක් ලබා දෙන බවට වාර්තා වේ. ඒ අනුව දිවයින පුරා සියයකට ආසන්න දිස්ති‍්‍රක් නියෝජිත පිරිසක් සහ 4,500ක් පමණ අලෙවි නියෝජිතයන් හා ලොතරැුයි කුටි සහ ජංගම අලෙවිකරුවන් වශයෙන් 40,000ක් ඉක්ම වූ පිරිසක් ලොතරැුයි අලෙවියේ නිරත වන බවට තොරතුරු වාර්තා වේ. වර්තමානයේ රුපියල් 20.00කට අලෙවි වන ලොතරැුයි පතක් වෙනුවෙන් දිස්ති‍්‍රක් නියෝජිතයාට රුපියල් 3.50ක කොමිස් මුදලක් ලැබේ. මෙය අලෙවි නියෝජිතයන්, ජංගම අලෙවි නියෝජිතයන් වශයෙන් පහළට ගමන් කිරීමේ දී එක් අයකුට ලැබෙන කොමිස් මුදල රුපියල සහ ශත පනහ දක්වා පහළ වැටේ. යම් දිස්ති‍්‍රක් අලෙවි නියෝජිතයකු මේ වන විට දිනකට මිලට ගන්නා ලොතරැුයි පත් වෙනුවෙන් රුපියල් 20,000.00ක් වැය කරන්නේ යැයි උපකල්පනය කළහොත්, රුපියල් 30.00ක් මිල වීම හේතුවෙන් එම නියෝජිතයාට එම ලොතරැුයි ප‍්‍රමාණය ම මිලට ගැනීමට රුපියල් 30,000ක් වැය කිරීමට සිදු වෙයි. එහෙත්, ලැබෙන කොමිස් මුදල වැඩි වනුයේ, ශත පනහකින් පමණකි. එනම්, සම්පූර්ණ කොමිස් මුදල රුපියල් 4.00කි. එහෙත්, පෙරට වඩා වැඩි පිරිවැයක් දැරීමට සිදු වීම හා ලොතරැුයි ඉතිරි වීම හේතුවෙන් වන පාඩුව දරා ගැනීමට ද ඔවුන්ට සිදුවේ. ලොතරැුයි ටිකට් පතක මිල රුපියල් 30.00 දක්වා ඉහළ යාම පාඩු ලැබීමේ අවදානම තවත් ඉහළ යාමක් බව වෙළෙඳ නියෝජිතයෝ ප‍්‍රකාශ කර සිටිති. එබැවින්, ආණ්ඩුව විසින් ලොතරැුයි මිල ඉහළ නැංවීමට එරෙහිව දිවයිනේ ලොතරැයි අලෙවි නියෝජිතවරුන් පසුගිය දින කීපය තුළ විරෝධතා කි‍්‍රයාමාර්ගවල නියැළුණු අතර, ප‍්‍රධාන වශයෙන් ම ඔවුන් ඉල්ලා සිටියේ ලොතරැුයි මිල වැඩි කිරීම නවතන ලෙස මෙන් ම තම ඉල්ලීම් නොතකා ආණ්ඩුව විසින් කටයුතු කරන්නේ නම්, අදාළ නියමිත කොමිස් මුදල වන රුපියල් 5.25ක මුදල ලබා දීමට කටයුතු කරන ලෙස ය. වර්තමානයේ දී ශී‍්‍ර ලංකා ආණ්ඩුව ලොතරැුයි මඟින් ඉහළ බදු ආදායමක් ලබා ගන්නා අතර, සංවර්ධන ලොතරැුයි මණ්ඩලය සහ ජාතික ලොතරැයි මණ්ඩලය යන ආයතන දෙක ම ඉතාමත් ඉහළ මට්ටමකින් ලාභ ලබන බව ද වාර්තා වේ. ලොතරැුයි මිල වැඩි කිරීම මෙම ආයතනවල ආදායම් තත්ත්වයට සෘජුව ම බලපාන බව ප‍්‍රකාශ කරන අලෙවි නියෝජිතවරුන්ගේ අදහසක් වනුයේ, වත්මන් ආණ්ඩුවේ රාජ්‍ය දේපළ විකිණීමේ ප‍්‍රතිපත්තියට අනුව මෙම ආයතන පාඩු ලබන තත්ත්වයට ඇද දමා පෞද්ගලිකකරණය කිරීමේ යටි අරමුණේ ම ප‍්‍රකාශ වීමක් බවයි. 2002 සහ 2005 වසරවල දී එවකට පැවැති චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරියගේ සහ රනිල් වික‍්‍රමසිංහගේ ආණ්ඩු කාලයේ දී ඇමෙරිකාවට සහ නෝර්වේ රජයට මෙම ආයතන විකිණීමට උත්සාහ කළ අතර, ලොතරැුයි අලෙවි නියෝජිතයන් විසින් එම අවස්ථාව පරාජය කළා සේ ම ආණ්ඩුව විසින් මෙම ආයතන විකිණීමට උත්සාහ දරන්නේ නම්, තමන් ඒ වෙනුවෙන් ඉදිරියේ දී කි‍්‍රයාත්මක වෙන බව ද ලොතරැුයි අලෙවි නියෝජිතවරු ප‍්‍රකාශ කර සිටියහ. ලොතරැුයි අලෙවියේ දී නියෝජිතයන් විසින් රජයට විශාල වශයෙන් බදු ගෙවන අතර, රජය නියෝජිතයන්ගේ පාර්ශ්වයෙන් කිසිදු සහනදායී පිළිවෙතක් අනුගමනය නොකරන බව ද ඔවුහු ප‍්‍රකාශ කර සිටියහ. තමන් විසින් බදු ගෙවමින් පැවැතිය දී ප‍්‍රාදේශීය සහ පළාත් සභා විසින් තම අලෙවි කුටි ඉවත් කිරීමටත්, ලොතරැුයි අලෙවි ස්ථාන අවහිර වන ආකාරයට කටයුතු කිරීමත් සිදු කරන බව ලොතරැුයි අලෙවි නියෝජිතවරු ප‍්‍රකාශ කර සිටියහ. වර්තමානයේ දී ලෝකයේ කිසිදු රටක සිදු නොවන අයුරින්, ත්‍යාග මුදල්වලින් ද රජය විශාල වශයෙන් බදු අය කර ගන්නා බවත්, ලොතරැුයි මිල ඉහළ දැමීම මඟින් ත්‍යාග වැඩි කිරීමට කටයුතු කරන බවට මුදල් ඇමතිවරයා ප‍්‍රකාශ කර තිබුණ ද, පවතින මිල යටතේදීත් ත්‍යාග මුදල් වැඩි කිරීම සිදු කළ හැකි බවත්, ත්‍යාග මුදල්වලින් බදු අය කිරීම නවතා දැමිය හැකි බවත් ලොතරැුයි අලෙවිකරුවෝ ප‍්‍රකාශ කර සිටිති. විවිධ හේතු දක්වමින්, ආණ්ඩුව විසින් ගෙන යන මෙම අ¥රදර්ශී කි‍්‍රයාවන් හේතුවෙන් ලොතරැුයි ව්‍යාපාරය ම අනතුරට පත්වීම වැළැක්විය නොහැකි බවත්, තමන් විසින් ඉදිරියේ දී මෙම තත්ත්වය වැළැක්වීමට ගත යුතු ඕනෑ ම කි‍්‍රයාමාර්ගයකට එළැඹීමට පසුබට නොවන බවත් ඔවුහු වැඩි දුරටත් ප‍්‍රකාශ කර සිටියහ.

Read more
හෙළිදරව්ව

දකුණු ඉවුර සංවර්ධනයේ පිහිටෙන් මාදුරු ඔයත් සේල් පොළට

2017-01-15     (චතුර දිසානායක)

ලංකාවේ ඉඩම් විදේශයන්ට පවරා දීම මේ වන විට උණුසුම් මාතෘකාවක් වී තිබේ. ඒ අතර හම්බන්තොට ඉඩම් චීනයට ලබා දීම මේ මොහොතේ උත්කර්ෂයට නැඟී තිබේ. ඒ වෙනුවෙන් පුළුල් ජනතා විරෝධයක් ද නිර්මාණය වී තිබෙන අතර, ඒ වෙනුවෙන් විශාල උද්ඝෝෂණයක් ද පසුගියදා පැවැත්විණි. ඉඩම් කොල්ලය සම්පූර්ණයෙන්ම හම්බන්තොටට දිශානති වෙද්දී ඒ හා සමානම ඉඩම් කොල්ලයක් මාදුරු ඔය ආශ‍්‍රිතව සිදු වන්නට පිඹුරු පත් සැකසෙන්නේ කාටත් හොර රහසේ ය. මේ සඳහා ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසම යටතේ ඇති ඉඩම් තෝරාගෙන ඇති අතර පලතුරු, එළවළු හා වාණිජ භෝග වගා කිරීමට මෙම ඉඩම් ලබා දීමට තීරණය කර ඇත. ‘‘1982 වසරේ දී ඉදි කරන ලද මාදුරු ඔය ජලාශය කඩිනම් මහවැලි සංවර්ධන වැඩසටහන යටතේ ඉදි කරන ලද ප‍්‍රධාන ජලාශයන්ගෙන් එකකි. පොළොන්නරුව සහ මඩකලපුව දිස්ත‍්‍රික්ක පදනම් කර ගත් මහවැලි ‘බී’ කලාපයේ ඉඩම් හෙක්ටයාර 39,000ක් කෘෂිකාර්මික කටයුතු සඳහා සංවර්ධනය කිරීම එමඟින් අපේක්ෂා කරන ලදී. එහි වම් ඉවුර සංවර්ධන කටයුතු ආරම්භ කර ඉදි කිරීම් නිමවා ඇතත්, මූල්‍ය ප‍්‍රතිපාදන ප‍්‍රමාණවත් නොවීම නිසා දකුණු ඉවුර ප‍්‍රදේශය සංවර්ධනය කිරීම මේ දක්වා ක‍්‍රියාත්මක කරනු ලැබ නොමැත. ඒ අනුව, වසර ගණනාවක් පැවැති යුද්ධයෙන් බලපෑමට ලක්ව අඩාලව පැවති, පොළොන්නරුව සහ මඩකලපුව දිස්ත‍්‍රික්කවල සමාජ ආර්ථික සංවර්ධනය උදෙසා පානීය ජලසම්පාදනය, වාරි ජලසම්පාදනය සහ යටිතල පහසුකම් සංවර්ධනය කඩිනම් කිරීම අරමුණු කර ගනිමින් මාදුරු ඔය දකුණු ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය - 2017 වැඩපිළිවෙළ 2020 වසර වන විට අවසන් කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී’’ යනුවෙන් මාදුරු ඔය සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල තීරණයක සඳහන් වේ. එම තීරණය ගෙන දින කිහිපයක් ඉක්ම යත්ම ජනාධිපතිවරයා විසින් චීනය සමග ගිවිසුමකට එළඹෙන්නේ මාදුරු ඔය දකුණු ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය චීනයට කොන්ත‍්‍රාත් දෙමිනි. ඒ පසුගිය වසරේ ඔක්තෝබර් 26 වන දින ය. එහි ඉදිකිරීම් කොන්ත‍්‍රාත්කරු වන චීනයේ ක්‍්ඵෑ ඉංජිනියර් සමාගමේ සභාපතිනි ඛමද ශ්බ සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න විසින් ගිවිසුමට අත්සන් තැබීය. ‘පිබිදෙමු පොළොන්නරුව’ වැඩසටහන යටතේ නව ව්‍යාපෘතියක් ලෙස ලබන ජනවාරි මාසයේ දී මෙම ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීමට නියමිත අතර, 2020 දී එහි වැඩ අවසන් කොට ජනතා අයිතියට පැවරීමට අපේක්ෂිත ය. චීන එක්ෂීම් බැංකුවේ සියයට සියයක ණය ආධාර යටතේ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කෙරෙන අතර, ඇස්තමේන්තුගත සම්පූර්ණ වියදම රුපියල් මිලියන 6,969කි. දකුණ ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය සමග අලූතින් තවත් හෙක්ටයාර් 39,000ක් සංවර්ධනය කෙරෙන බව කියවෙන අතර සොරොව්ව මීටර් දෙකකින් උස් කිරීම ද ව්‍යාපෘතියට අයත් ය. ඒ අනුව අතිරේක ජලය ඝන මීටර් මිලියන 229ක ධාරිතාවයකින් ඉහළ යනු ඇත. මෙම සංවර්ධන ව්‍යාපෘතිය සමග ප‍්‍රධාන ඇළ කි.මි 83ක් සංවර්ධනය කෙරෙන අතර බෙදුම් ඇළ මාර්ග කි.මි 900ක් සංවර්ධනය කිරීමට යෝජිතය. මේ අනුව තොප්පිගල, නැගෙනහිර මුහුදු තීරයට සමීප වීම වැනි කරුණු මත මෙම ව්‍යාපෘතිය ආශි‍්‍රතව පාරිසරික සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට ද අපේක්ෂා කෙරෙන බව ව්‍යාපෘති යෝජනාවල සඳහන්ය. එළිපිට ජවනිකාව එසේ සිදු වන විට දේශපාලනයේ ද ආනුභාවයෙන් තිරය පිටුපස තවත් ජවනිකාවක් දිගහැරෙමින් පවතින්නේ චීනය ප‍්‍රමුඛ විදේශීය ආයෝජකයන්ට ඉඩම් පවරා දීමට පෙර ඉඩම්වල අයිතිකරුවන් පිරිසක් නිර්මාණය කිරීම අරමුණු කරගෙන විය හැකිය. එවිට සෘජුවම පෞද්ගලික ඉඩම් ලෙස ඒවා පවරා වන්දියක් ද තම හිතමිතුරන්ට ලබා දීම සිදු කළ හැකිය. මෙය හිතළුවක් නොව මේ වන විට ක‍්‍රියාත්මක වීම පටන් ගෙන තිබේ. මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ පේ‍්‍රරණ කලාපයේ තොප්පිගලට යාබද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ තිබෙන රක්ෂිත වනාන්තර ප‍්‍රදේශයේ අක්කර 4,200ක පමණ භූමි ප‍්‍රමාණයක් මේ වන විට නීතිවිරෝධීව එළිපෙහෙළි කරමින් තිබේ. සංවර්ධන ව්‍යාපෘතියක මුවාවෙන් එළිපෙහෙළි කරමින් පවතින භූමියේ ස්ථිර නිවාස 08ක් සහ තාවකාලික නිවාස 500කට අධික ප‍්‍රමාණයක් මේ වන විට ඉදි කර අවසන්ය. මහවනාවෙළ ආරියවංශ හිමි ලෙස හැඳින්වෙන භික්ෂුවක් විසින් මෙම ඉඩම් මංකොල්ලය සිදු කරමින් යන අතර මීට මාස 08කට පමණ පෙර සාදන ලද වෙහෙරගොඩැල්ල රජමහා විහාරය නමැති ස්ථානයක සිට මෙහෙයුම් කටයුතු සිදු කරමින් සිටියි. මෙම භික්ෂුවගේ සහයට රංජිත් රාජපක්ෂ නැමැත්තෙක් ද සිටියි. සංවර්ධන ව්‍යාපෘතියක මූලික අදියර ලෙස නිවාස නොමැති පුද්ගලයන් එම භූමියෙහි පදිංචි කරන බව පවසමින් මෙම ඉඩම් මංකොල්ලයට අවශ්‍ය ඉඩකඩ සකසාගෙන ඇත. එය සිදුවන්නේ ද අමුතුම ආකාරයකට ය. පෙර සඳහන් කළ භික්ෂුවට රුපියල් 500.00ක මුදලක් හා රංජිත් රාජපක්ෂ නමැත්තාට රුපියල් 2,000.00ක මුදලක් ලබා දීමෙන් අනතුරුව ඔවුන් රක්ෂිත භූමියෙහි පෙන්වා දෙන ස්ථානයකින් ඉඩම ලබා දීම සිදු කරයි. එම භූමියෙහි වගා ආරම්භ කිරීමට කැමති අයෙක් වේ නම් ඒ සඳහා ද අවස්ථාව තිබේ. ට‍්‍රැක්ටර් ගොයම් කපන යන්ත‍්‍ර ආදිය රක්ෂිතය තුළට ගෙන යාම සඳහා රංජිත් රාජපක්ෂට රුපියල් 2,500.00ක මුදලක් ගෙවිය යුතුව ඇත. මෙලෙස කැලෑ ඉඩම් තමන්ගේ බූදලයක් ලෙස මිනිසුන්ට විකුණන භික්ෂුව සහ රංජිත් නැමැත්තා මේ වන තෙක් කිසිදු අයුරක බාධාවකින් තොරව වනාන්තර ප‍්‍රදේශ විනාශ කරමින් සිටියි. වන සංරක්ෂණ දෙපාර්ත- මේන්තුවට අයත් මෙම වනාන්තරය එළිපෙහෙළි කිරීම සඳහා හෝ කුමන ඉදිකිරීමක් සඳහා හෝ කිසිවෙකුටත් අවසරයක් ලැබී නැත. අවම වශයෙන් මහවැලි අධිකාරියට හෝ පවරා ගෙන නැත. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන පරිදි මාදුරුඔය රක්ෂිතය අවට සිදුවන්නේ පැහැදිලි ලෙසම නීතිවිරෝධී ක‍්‍රියාවකි. නමුත් එම නීතිවිරෝධී ඉඩම් මංකොල්ලය ඉදිරියට කරගෙන යන තුරු වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව මුනිවත රකිමින් සිටිනවා පමණක් නොව එයට අත්උදවු දෙමින්ද සිටියි. මෙම ප‍්‍රදේශය පුරාවිද්‍යාත්මකව ඉතා වටිනා ප‍්‍රදේශයක් වන අතර, ආදිවාසී වැදි ජනතාවගේ වාසභූමියක් වන හෙන්නානිගල ජනතාවට පවා මෙම ඉඩම් භාවිතා කිරීමට ඉඩ නොදුන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කැලෑ කැපීමට අවශ්‍ය ඉඩකඩ මෙම වන සංහාරකයන්ට ලබා දී ඇත. එසේම මහවැලි කටයුතු පිළිබඳ ජනාධිපති ලේකම් මහින්ද රත්නායක පවසන පරිදි රක්ෂිත භූමිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මහවැලි අධිකාරියට පවරාගෙන නොමැති වන අතර, නුදුරේදීම පවරා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුවන බව ද පවසයි. ඒ අනුව නුදුරේ දීම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් විශාල ප‍්‍රමාණයක් මහවැලි අධිකාරිය යටතට පත් වනු ඇත. ඒ වන විට ඉහත කී භික්ෂුව සහ රංජිත් නැමැත්තාගේ මැදිහත්වීමෙන් අත්පත් කරගෙන ඇති ඉඩම් ද ඒ යටතට ගැනේ. ඒ වෙනුවෙන් වන්දි ලබා දීමටද සිදුවනු ඇත. පළමු ජාවාරම එලෙසින් සිදු වෙද්දී මෙලෙස කඩිමුඩියේ ජනාධිපති ලේකම්වරයාගේ මැදිහත් වීමෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් පවරා ගන්නේ මෙහි කොටසක් චීන රජයට පවරා දීමට වන බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු දඩයම් කර ගැනීමේ සැලැස්මක් මෙහි ඇති බව දැන් හොඳින්ම පැහැදිලිය. ජනාධිපති ලේකම්වරුන්ට හෝ වෙනත් කිසිවෙකුට මෙම ඉඩම් වලට අත තැබීමට හෝ නොහැකිය. 1907 අංක 16 දරන වන සංරක්ෂණ ආඥා පනතේ 2009 අංක 56 දරන සංශෝධිත පනතේ 6 වන වගන්තියේ 2 (ආ* උප වගන්තියට අනුව ගසක් කැපීම, කපා ඉවත් කිරීම පවා තහනම්ය. එහෙත් වන සංරක්ෂණ ආඥා පනත අමු අමුවේ කඩ කළ ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටියි. එපමණක් නොව 1988 අංක 56 දරන සංශෝධිත ජාතික පාරිසරික පනත ඇතුළු අණපනත් නීති පද්ධති ගණනාවක් මේ වන විට මාදුරු ඔය ප‍්‍රදේශය තුළ උල්ලංඝනය වෙමින් තිබේ. පසුගිය කාලයේ හම්බන්තොට ප‍්‍රදේශයේ සිදු කරන ලද සංවර්ධන ව්‍යාපෘති සඳහා භූමි ප‍්‍රදේශ නිදහස් කර ගැනීම පිණිස එම ප‍්‍රදේශවල සිටි ගවයන් පට්ටි පිටින් මාදුරු ඔය රක්ෂිතය වෙත ගෙනැවිත් දමා ඇත. මේ වන විට මෙසේ ගෙනැවිත් දමන ලද ගවයන්ගේ ප‍්‍රමාණය 11,000ක් පමණ වන අතර, එම ගව පට්ටි බලා ගන්නවුන් ද වනෝද්‍යානය ආශි‍්‍රතව කුඩා පැල්පත් අටවාගෙන ජීවත් වන්නට පටන්ගෙන තිබේ. තම වාසභූමි අහිමි වීමෙන් සහ ආහාර ද අහිමි වීමෙන් අලි ඇතුන් වියරු වැටීම නිරායාසයෙන් සිදු වන්නකි. ලංකාවේ වෙනත් ප‍්‍රදේශවල ගම්බිම්වලට හානි කරන අලි ඇතුන් අල්ලා ගෙනැවිත් දමන්නේ ද මාදුරු ඔය වනෝද්‍යානය වෙතටය. මේ හේතුවෙන් ගැටලූව දෙගුණ තෙගුණ වී තිබේ. මේ වන විට මාදුරු ඔය රක්ෂිතය අවට සිදු වන මෙම එළිපෙහෙළි කිරීම් හේතුවෙන් මහවැලි ‘බී’ කලාපයේ ගම්මාන රැුසකට වන අලි තර්ජනයට මුහුණ දීමට සිදු වී තිබේ. නිදන්විල, දම්මින්න, පුබුදුගම, කන්දේගම, පිඹුරත්තෑව, යන ගම්මාන පවතින්නේ අලි කටේය. අලිමංකඩ ලෙස පවතින ප‍්‍රදේශ නිරාවරණය වන විට වන සතුන් ගම් වදිනවා හැර වෙනත් විකල්පයක් උන්ට නැත. රක්ෂිතයේ වන සතුන් දිය බීමට ඔයට පැමිණෙන්නේ ද එළිපෙහෙළි වන ප‍්‍රදේශයෙන් ය. එම නිසා මාදුරු ඔය රක්ෂිත ප‍්‍රදේශයේ සිදු වන මෙම දැවැන්ත පාරිසරික සංහාරය ප‍්‍රදේශයේ අලි ඇතුන්ගේ වාසභූමි අහිමි කරනවා පමණක් නොව මාදුරු ඔය රක්ෂිතයේ හා පේ‍්‍රරණ කලාපයේ ජෛව විවිධත්වයට ද බරපතල තර්ජනයක් එල්ල කර තිබේ. පෙර දී හෙක්ටයාර 20,000ක පමණ වනාන්තර කපා එළිපෙහෙළි කර මහවැලි ‘බී’ කලාපයට අවශ්‍ය ඉඩම් ලබා ගන්නා ලදී. ඉන් අනතුරුව හෙක්ටයාර 58,888ක ප‍්‍රමාණයක් අත්‍යවශ්‍යයෙන් සංරක්ෂණය කළ යුතු ප‍්‍රදේශයක් ලෙස සලකා මාදුරු ඔය ජාතික වනෝද්‍යානය ස්ථාපිත කරන ලදි. එලෙස ස්ථාපිත කරන ලද්දේ අලි ඇතුන් ඇතුළු සත්ව ප‍්‍රජාව හා වනාන්තර ආරක්ෂා කර වනෝද්‍යානය අවට ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමේ අරමුණින් ය. මෙහි අවසාන ජවනිකාව වන්නේ පසුගිය අයවැයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාවයි. ජනතාව නොමඟ යැවීමට කොළේ වසා සිදු කළ මෙම යෝජනාවෙන් කියැවෙන්නේ මාදුරු ඔය ප‍්‍රදේශයේ ඉඩම් වගා කටයුතු සඳහා ලබා දෙන බවයි. ඒ අනුව කෘෂිකාර්මික කටයුතු සඳහා ඉඩම් අක්කර දහසකට වඩා වැඩියෙන් වගා කළ හැකි ‘ගොවියෙකුට’ මෙම ඉඩම් බදු පදනම මත ලබා දෙන බවයි. මෙහි ඇති පළමු කාරණාව වන්නේ අක්කර දහසකට වඩා වැඩියෙන් වගා කළ හැකි ගොවියෙකු සොයා ගැනීමයි. ලංකාව තුළ එවැන්නෙකු සොයා ගත නොහැකි බව විචාර බුද්ධිය ඇති ඕනෑම අයෙකුට ඉතා පැහැදිලි කරුණකි. එසේ නම් මේ පිඹුරු පත් සැකසෙන්නේ දේශීය හෝ විදේශීය මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට මාදුරු ඔය වන රක්ෂිතයේ අයිතිය ලබා දීමට ය. මේ වන විටත් සෝමාවතිය අභය භූමියේ ඉඩම් ලෙට්ස් ඇග්‍රො සහ ඩෝල් සමාගම වෙත පවරා ඇති පරිද්දෙන්ම එය සිදුවනු ඇත. මේ අනුව ඉතාමත් පැහැදිලිව පෙනී යන කරුණ නම් මාදුරුඔය අභය භූමියේ අක්කර 20,000ක ප‍්‍රදේශයක් බරපතල අවදානමකට මුහුණ දී ඇති බවයි. දේශීය ජාවාරම්කාරයන්ගේ ද, සියල්ල විදේශිකයන්ට විකුණා දැමීමට සැරසෙන වර්තමාන ආණ්ඩුවේ ද හම්බන්තොටට පසු ඉලක්කය වී ඇත්තේ මාදුරුඔයයි. දැනටත් පියවරෙන් පියවර එය ඉදිරියට ගමන් කරමින් තිබුණ ද, ජනතාව බහුල ප‍්‍රදේශයක් නොවන නිසා පුළුල් ජනතා විරෝධයක් ඒ සම්බන්ධයෙන් ගොඩනැඟී නොමැත. එසේම සිදුවීම් එකිනෙකට වෙනස් නිසා සිදු වන්නේ කුමක්දැයි හරිහැටි අවබෝධ කර ගැනීමට ද නොහැකි වී තිබේ. කෙසේ වුවද සියල්ල අනතුරට ලක් කරමින් මාදුරු ඔය රක්ෂිතයට කරන්නා වූ මෙම දැවැන්ත සංහාරය හමුවේ පරිසර ඇමතිවරයා ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මෙම සංහාරය නැවතීම වෙනුවෙන් ඉතා ඉක්මනින් පියවර ගත යුතුව ඇත. එහෙත් ගැටලූව ඇත්තේ වැටත් නියරත් ගොයම් කන්නේනම් විසඳුම් සොයන්නේ කවුරුන්ද යන්නයි.

Read more

ජාතික සම්පත් ඉන්දියාවට පවරා දීමේ වික‍්‍රමසිංහ තියරිය

2017-01-08     (ඒස්.කේ ගමගේ)

එළඹි 2017 වසර රටේ ඉරණම තීරණය කරන වසර බවට පත්වෙමින් පවතින බවට ඉ`ගි පළවෙමින් පවතී. ඉන්දියාවට සහ චීනයට රටේ ජාතික සම්පත් උකස් කිරීමේ වසර බවට මේ වසර පත්වෙමින් පවතින බවට මේ වන විටත් සාක්ෂි රැුසක් හෙළිදරව් වී ඇත. එක් පැත්තකින් රටේ ඉඩම් ටික චීනයට පවරා දෙමින් ඇත. අනෙක් පැත්තෙන් රටේ ජාතික සම්පත් විකුණා දැමීමේ සැලසුම් කි‍්‍රයාත්මක වෙමින් පවතී. අනෙක් බරපතළම කාරණය වන්නේ එට්කා ගිවිසුම හරහා ලංකාව ඉන්දියාවේ කොලනියක් බවට පත් කිරීමයි. අගමැති වික‍්‍රමසිංහ සහ අමාත්‍ය මලික් සමරවික‍්‍රම මේ වන විට විවිධ සාකච්ජා හරහා ඉන්දියාව සමඟ ගිවිසුම් අත්සන් කිරීමේ සැලසුම් කි‍්‍රයාත්මක කර ඇති බවට පැහැදිලි සාක්ෂි හෙළිදරව් වී ඇත. මේ වන විට ති‍්‍රකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් ටැංකි 8ක් භාවිත කරමින් පවතින්නේ ඉන්දියාවයි. ඊට අමතරව තවත් තෙල් ටැංකි 8ක් භාවිත කිරීමට සැලසුම් කරමින් සිටී. එට්කා ගිවිසුම අත්සන් කිරීමටත් පෙර ඉන්දියානු අයි.  ඕ. සී. සමාගම ලංකාව තුළ තෙල් ඒකාධිකාරයක් පවත්වාගෙන යනු ලබයි. ඉන්දියාව මේ වන විට ති‍්‍රකුණාමලයේ තෙල් ටැංකි 8ක් භාවිතා කරමින් සිටින්නේ කිසිදු නීතිමය බැඳීමකින් තොරව ය. ති‍්‍රකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ නීත්‍යනුකූල අයිතිය පවතින්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ය. ඉදිරියේ දී රට තුළ උද්ගත විය හැකි විදුලි අර්බුදයට පිළියමක් ලෙස ති‍්‍රකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය තුළ තෙල් ගබඩා කොට තැබීමට පසුගිය දා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විය. එම තෙල් ටැංකි සංකීර්ණයේ නඩත්තු කටයුතු සඳහා ගිය ඛනිජ තෙල් සංස්ථා නිලධාරීන්ට ඉන්දීය ඔයිල් සමාගමේ නිලධාරීන් පවසා ඇත්තේ ඉන්දීය තානාපති කාර්යාලයෙන් අනුමැතිය ගෙන පැමිණිය යුතු බව ය. නීත්‍යනුකූල අයිතිය ඇති ඛනිජ තෙල් සංස්ථා නිලධාරීන්ට වෙනත් රටක තානාපතිවරයෙකුගේ අනුමැතිය අවශ්‍ය නොවන බව තේරුම් ගත් ඛනිජ තෙල් සංස්ථා ඉංජිනේරුවන් කණ්ඩායමක් පසුගිය දෙසැම්බර් 28 වැනිදා නඩත්තු කටයුතු පිළිබඳව සොයා බැලීමට ති‍්‍රකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයට ගොස් ඇත. එහිදී ඉන්දීය ඔයිල් සමාගමේ ආරක්ෂකයන් විසින් තෙල් සංස්ථා ඉංජිනේරුවන් දෙදෙනෙකු සිරකොට තබාගෙන ඇත. මෙය රටේ නීතියට පිටින් ඉන්දීය ඔයිල් සමාගම කටයුතු කිරීමකි. රටේ ස්වාධිපත්‍යයට එල්ල කරන ලද බරපතළ තර්ජනයක් ලෙසින් ද මෙය සැලකිය යුතුය. තත්ත්වය එසේ වුවද ආණ්ඩුව නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් තිබේ. එට්කා ගිවිසුම අත්සන් කිරීමටත් ප‍්‍රථම ඉන්දියාවේ හැසිරීම මෙපරිදි නම්, ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව ඇති විය හැකි තත්ත්වය ඉතා පැහැදිලි ය. ආණ්ඩුව රටේ ජනතාවට පවසන්නේ පාර්ලිමේන්තුවට නොදන්වා ජනතාවට හොරෙන් කිසිදු රටක් සමග ගිවිසුම් අත්සන් නොකරන බවකි. එහෙත්, දැන් රට තුළ සිදුවන සිදුවීම්වලින් මැනැවින් පැහැදිලි වන්නේ අගමැතිවරයාගේ සහ ඔහුගේ ගෝලබාලයන්ගේ න්‍යාය පත‍්‍රයක් රට තුළ කි‍්‍රයාත්මක වන බව ය. එට්කා ගිවිසුම හරහා කොළඹ වරායේ නැෙඟනහිර ජැටිය ඉන්දියාවට විකිණීමට එක`ගතා ඇති කරගෙන ඇත. ඉන්දියාවේ ඉල්ලීම වී ඇත්තේ භාවිතයට ගත හැකි ති‍්‍රකුණාමලයේ තෙල් ටැංකි 101න් 98ක් ඔවුන් වෙත ලබා දෙන ලෙස ය. ඉන්දියාවේ එම ඉල්ලීමට ලංකා රජය ඉතා හොඳ ප‍්‍රතිචාරයක් මේ වන විට දක්වා ඇත. ඉන්දියාවට පවරා ඇති තෙල් ටැංකි නැවත ලංකා රජයට පවරා ගැනීමට මේ වන විට කැබිනට් පති‍්‍රකාවක් සම්මත වී තිබුණ ද, සියල්ල සිදුවෙමින් පවතින්නේ එම නීතිමය ආවරණයන් ද බැහැර කරමිනි. පසුගියදා තෙල් සංස්ථා ඉංජිනේරුවන් සිරකොට තබාගෙන ඇත්තේ මෙවන් පසුබිමකය. ඒ අනුව පැහැදිලි වන්නේ ඉන්දියාව ගිවිසුම අත්සන් කිරීමටත් ප‍්‍රථම සිය බලය ව්‍යාප්ත කර ඇති බවයි. මේ සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සෘජුව වගකිව යුතුය. පෙර අනුමත වූ කැබිනට් පති‍්‍රකාව අහෝසි කොට විශේෂ කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කොට ඇත්තේ අගමැති වික‍්‍රමසිංහ විසිනි. එම විශේෂ කැබිනට් පති‍්‍රකාවේ සඳහන්ව ඇත්තේ විදේශ රටක් සමග එක් වී ද්වීපාර්ශ්වික එක`ගතාවක් ලෙස ති‍්‍රකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ප‍්‍රයෝජනයට ගැනීම සඳහා කටයුතු කරන බවයි. වික‍්‍රමසිංහ අගමැතිවරයා මෙහි දී විදේශ රටක් ලෙස සඳහන් කොට ඇත්තේ වෙනත් රටක් නොව ඉන්දියාවයි. මෙය ජනතාවට කොළේ වසා ගැසීමකි. මේ තුළින් එට්කා ගිවිසුම අත්සන් කිරීමටත් ප‍්‍රථම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඇතුළු විය නොහැකි තත්ත්වයක් වික‍්‍රමසිංහ අගමැතිවරයා විසින් නිර්මාණය කර ඇත. එට්කා ගිවිසුමේ බරපතළකම මේ එක් සිදුවීමකින් වුව පැහැදිලි වේ. රට අකර්මණ්‍ය තත්ත්වයට පත් කිරීමට ඉන්දියාවට අවශ්‍ය පසුබිම වික‍්‍රමසිංහ ආණ්ඩුව විසින් නිර්මාණය කරමින් ඇත. තෙල් සම්බන්ධ ඒකාධිකාරය ඉන්දියාව විසින් අත්පත් කර ගැනීමෙන් පසුව ලංකා රජයට සිදුවන්නේ ඉන්දියාවේ පදයට නැටීමටය. මෙය වික‍්‍රමසිංහලාට ප‍්‍රශ්නයක් නොවූව ද, මෙරට ජනතාවට එය බරපතළ ප‍්‍රශ්නයකි. පසුගිය රාජපක්ෂ රජය ආර්ථිකය සම්බන්ධයෙන් දැඩි විශ්වාසයක් තබන ලද්දේ චීනය කෙරෙහි ය. ඒ අනුව රාජපක්ෂ පාලනය ජාත්‍යන්තරය කළමනාකරණය කිරීමට යාමේ දී දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදු විය. වික‍්‍රමසිංහ රජය ඉන්දියාව, චීනය හා ඇමරිකාව කළමනාකරණය කිරීමට ගොස් රටේ සම්පත් විකුණා දැමීමේ දිශාවට තල්ලූ වෙමින් ඇත. භූගෝලීය වශයෙන් ලංකාවේ පිහිටීම හේතුවෙන් මේ රටවල් සියල්ලටම ලංකාව යනු අතිශයින්ම වැදගත් රටකි. මේ වන විට චීනය සමග ඇතිකරගෙන ඇති ආර්ථික සබඳතා හේතුවෙන් ඉන්දියාව සහ ඇමරිකාව ආර්ථික අරමුණුවලට එහා ගිය අරමුණු වෙනුවෙන් ලංකාවේ භූමිභාගයක් ලබා ගැනීම වෙනුවෙන් කටයුතු කරමින් ඇත. ඉන්දියාව, චීනය හා ඇමරිකාව ඉන්දියානු සාගර කලාපයේ දැඩි තරගයක නිරතව සිටින බව රහසක් නොවේ. මේ තත්ත්වය තුළ ලංකාව එම රටවල්වල හිරකාරයෙක් බවට පත්ව ඇත. ඉන් ප‍්‍රයෝජන ගන්නා ඉන්දියාව අසල්වැසි මිතුරාගේ භූමිකාවට පණ පොවමින් ලංකාව සමග ගිවිසුම් අත්සන් කිරීමට සැරසෙන්නේ ඔවුන්ගේ ආර්ථික ඉලක්ක වෙත ගමන් කිරීමට මිස ලංකාවේ ආර්ථික ඉලක්ක ජය ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමට නොවේ. ඒ අනුව යෝජිත එට්කා ගිවිසුම බිල්ලෙකු නොව බරපතළ මර උගුලක් බව තේරුම් ගත යුතුය. ඉන්දු ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුම හෙවත් එට්කා ගිවිසුම පිළිබඳව මේ වන විට නිල වශයෙන් සාකච්ජා වට දෙකක් පවත්වා ඇත. ඊට අමතරව නිල නොවන මට්ටමින් ද සාකච්ජා පවත්වා ඇත. නිල සහ නිල නොවන සාකච්ජා සඳහා අමාත්‍ය මලික් සමරවික‍්‍රම සහභාගී වී ඇත. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ වෙනුවෙන් මලික් සහභාගී වූ බව දැනගන්නට ලැබේ. අමාත්‍ය මලික් සමරවික‍්‍රම සහභාගී වුවද නියෝජනය කරනු ලබන්නේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ මතය ය. මේ වන විට පැවති නිල සාකච්ජාවල දී ලංකාව පාර්ශ්වයෙන් මෙම එට්කා ගිවිසුම හැකි ඉක්මනින් අත්සන් කිරීමට එක`ගතාව පළ කර ඇත. දැඩි එට්කා විරෝධයක් රට තුළ නිර්මාණය වීමට ප‍්‍රථම හා ආණ්ඩුවේ පවතින අස්ථාවරත්වය මත මෙම ඉක්මන් කිරීම සිදු වී ඇතැයි පැවසේ. නිල නොවන සාකච්ජාවල දී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මෙම ගිවිසුම අත්සන් කිරීම හැකි ඉක්මනින් කළ යුතු බව ඉන්දීය බලධාරීන්ට පවසා ඇත. රට තුළ පැන නැඟී ඇති සහ ඉදිරියේ දී පැන නැඟිය හැකි තත්ත්වය හොඳින් විශ්ලේෂණය කොට ඇති ඉන්දීය බලධාරීන් මෙම ගිවිසුම හදිසියේ අත්සන් කිරීමට වැඩි උනන්දුවක් දක්වා නැත. ඉන්දීය භාණ්ඩ සම්බන්ධයෙන් ලංකාව තුළ හොඳ වෙළෙඳපොළක් පවතින බැවින් ඒ තත්ත්වය මඟහරවා ගැනීමට ඉන්දියාව උනන්දු නොවන බව මේ හරහා පැහැදිලි වේ. ඉන්දීය බලධාරීන් ලංකාවට පවසා ඇත්තේ ලංකාවේ පවතින එට්කා විරෝධයන් දුරු කර ගැනීම ආණ්ඩුවේ වගකීමක් බැවින් ඒ තත්ත්වය ඇති කර ගැනීමට ලංකා ආණ්ඩුවට කල් ලබා දෙන බවයි. ඉන්දියාවේ ඉලක්කය වී ඇත්තේ 2017 ජුනි, ජූලි මාසවල දී මෙම ගිවිසුමට අත්සන් කිරීමටයි. එට්කා ගිවිසුම සම්බන්ධයෙන් තුන්වන වටයේ සාකච්ඡුා ජනවාරි 04 සහ 05 දෙදින තුළ දී කොළඹ දී පැවැත්වීමට සූදානමක් පවතින බව ද මේ වන විට හෙළි වී ඇත. මේ බව ඉන්දීය මාධ්‍යය ද වාර්තා කොට ඇති බව දැනගන්නට ලැබේ. මේ වන විට එට්කා ගිවිසුම තීරණාත්මක අදියරයකට පැමිණ ඇති බව ‘ඉන්දීය එක්ස්ප‍්‍රස්’ පුවත් පත ද වාර්තා කොට ඇත. රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ ආණ්ඩු පාර්ශ්වය එට්කා අත්සන් කිරීමට තීරණය කොට තිබුණේ පසුගිය දෙසැම්බර් 31 වැනිදා ය. නමුත් රට තුළ සිදුවූ එට්කා විරෝධය හේතුවෙන් ආණ්ඩුව ගිවිසුමට අත්සන් තැබීමට මඳක් පසුබට විය. එහෙත්, ආණ්ඩුව උත්සාහය අත්හැරි බවක් දක්නට නොමැත. ලංකාව මෙම ගිවිසුමට අත්සන් කිරීමට කැමැත්ත පළ කොට ඇතත් ඉන්දියාවේ මතය වී ඇත්තේ දෙපාර්ශ්වයම තෘප්තිමත් වනතුරු සාකච්ජා පැවැත්විය යුතු බවකි. ඉන් අදහස් වන්නේ ලංකාව තෘප්තිමත්වීම නොවේ. රනිල් ප‍්‍රමුඛ ආණ්ඩු පාර්ශ්වය මේ වන විට ඕනෑවටත් වඩා තෘප්තිමත් වී ඇත. ඉන්දියාව උත්සාහ ගනිමින් ඇත්තේ ඔවුන්ට වැඩි වාසිදායක වටපිටාවක් නිර්මාණය කර ගැනීමයි. එතෙක් ඔවුන් කල් මරමින් සිටී. එවිට ලංකාව කොන්දේසි විරහිතව ඉන්දීය පාර්ශ්වය සමග පවතින සාකච්ජාවලදී ඕනෑම එක`ගතාවයකට එක`ග වනු ඇත. ඒ එක`ගතාවය විමසා බලා ඉන්දියාව ඔවුන්ට වාසිදායක මොහොතක දී ගිවිසුමට අත්සන් කිරීමට තීරණය කොට ඇත. අගමැති රනිල් වික‍්‍රමසිංහගේ මාමා වූ ජේ. ආර්. ජයවර්ධන 1987දී ජනතා විරෝධය මැද ඉන්දියාව සමග දේශද්‍රෝහී ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුව ඉන්දීය හමුදාව ලංකාවෙන් පළවා හැරීමට ලාංකීය ජනතාවට ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු විය. ජේ. ආර්. ගේ බෑනා වන රනිල්ගේ ගිවිසුම හරහා රටට දැවැන්ත හානියක් වීමේ පෙර නිමිති පහළ වී ඇත. ආර්ථික, දේශපාලන, සමාජීය, සංස්කෘතිකමය ආදී සෑම ක්ෂේත‍්‍රයක්ම මේ ගිවිසුම හරහා ඉන්දියාව ගිල ගනු ඇත. විශේෂයෙන්ම ලංකාවේ ආර්ථිකය ඉන්දියාවට අවශ්‍ය පරිදි හසුරුවනු ඇත. මෙය බරපතළ අනතුරක පෙරනිමිත්තකි. එළඹෙන මොහොත ලාංකීය සමාජයට තීරණාත්මක මොහොතකි. රනිල්ලාගේ මේ දේශද්‍රෝහී ගිවිසුම තීරණාත්මක ලෙස ජනතා බලවේග විසින් පරාජය කළ යුතු වන්නේ මේ සියලූ තත්ත්වයන් සලකා බැලීමෙනි. රටක් ලෙස නිල නොවන මට්ටමින් ඉන්දියාව අපේ ස්වාධිපත්‍යය ගිලගෙන ඇති වටපිටාවක මෙම ගිවිසුම හරහා සම්පූර්ණයෙන්ම ගිලගනු ඇත. එබැවින් සියලූ වෘත්තිකයන් ප‍්‍රගතිශීලී ජන බලවේග ඇතුළු සමස්ත ලාංකීය සමාජය සංවිධානාත්මකව පෙළගැසීම තුළින් පමණක්ම මේ ඉන්දීය රනිල් දේශද්‍රෝහී ගිවිසුම පරාජය කළ හැකිවනු ඇත. හෙළිදරව් වී ඇති සියලූ කරුණු විසින් බල කර ඇත්තේ මේ යථාර්ථයයි.

Read more
ආලෝකය

කියුබානු ජනතාව සාමයේ ගීතිකා සහ සංගීතය නොනවත්වා ගයනු ඇත. එහෙත්...

2017-01-08     (ජී. උපුල් කුමාරි)

‍තස්ත්‍රවාදයේ මූලාරම්භයන් කුමක් වුවත් එයට කුමන දේශපාලන හා ආර්ථික සාධකයන් සම්බන්ධ වූවත් එය ලෝකයට ගෙන ඒම සදහා වගකිව යුත්තන් කවුරුන් වූවත් ත‍්‍රස්තවාදය යනු නූතනයෙහි භයානක වූද, සදාචාරමය වශයෙන් අනුමත කළ නොහැකි වූද ප‍්‍රපංචයකි. එය මුලිනුපුටා දැමිය යුතුය. මානුෂික සහ මනෝවිද්‍යානුකූල ලෙස අහිංසක මිනිස්සු දහස් ගණනක් අනපේක්ෂිතව සහ ප‍්‍රකම්පිතව මරුමුවට පත්වීමෙනුත් ඇමරිකානු ජනතාව තුළ මානුෂීය සහ මනෝවිද්‍යානුකූලව ඇති වූ හානිය සුළුපටු වූ එකක් නොවේ. ඔවුන් පිළිබ`ද ලෝකයේ වූ ප‍්‍රතිරූපය දෙදුරුම් කා ඇත. එය සම්පූර්ණයෙන් ම පහසුවෙන් වටහා ගත හැක. මෙහි වාසි ලැබූවෝ කවුරුන්ද? එනම් අන්ත දක්ෂිණාංශිකයින්ය. සාකල්‍යයෙන් ම නොදියුණු සහ දක්ෂිණාංශික බලවේග වර්ධනය වෙමින් පවත්නා ලෝක කැරලි පොඩි පට්ටම් කිරීමට හා මිහිතලයේ දැනට ඉතිරිව ඇති ප‍්‍රගතිශීලී සැමදෙයම සුණුවිසිණු කිරීමට කැමැත්තක් දක්වන්නාවුන්ය. එය සංවිධානය කළෝ කවුරුන් හෝ වේවා එකී ක‍්‍රියාවට වගකිව යුත්තෝ කවුරුන් හෝ වේවා එය වනාහී බරපතල වැරැුද්දක් විය. සාතිශය අසාධාරණයක් සහ මහා අපරාධයක් ද විය. සදාතනික යුද්ධයක් සහ අමුතු සටන්පාඨ යටතේ අහිංසක මිනිසුන් සීමාවකින් තොරව ඝාතනය කිරීම ස`දහා යුද්ධයක් ආරම්භ කිරීමට එකී ශෝකාන්තය නිකරුණෙහි භාවිතා නොකළ යුතුය. එවැනි යුද්ධයක් ස`දහා පදනම සංකල්පය හා සැබෑ අරමුණු හා කොන්දේසි කඩිමුඩියේ සාදාගත් ආකාරය අපි පසුගිය දින කිහිපයේ දුටුවෙමු. ඊනියා සීතල යුද්ධයෙන් පසු මානව වර්ගයා ඝාතනය කොට අතුගා දැමීමට අවශ්‍ය සූක්ෂම ක‍්‍රමවේදයන් නිර්මාණය කිරීම තවදුරටත් කරගෙන ගිය අතර යුද වියදම් ස`දහා දැවැන්ත ධනස්කන්ධයන් ආයෝජනය කිරීමෙන් ලෝකයේ අනෙකුත් රටවල් තම පූර්ණ ආධිපත්‍යයට නතුකර ගැනීමට හැකි බව සිතූහ. තමන් කරන්නේ කුමක්ද? එසේ කරන්නේ මන්ද යන්න පිළිබ`දව අධිරාජ්‍යවාදී ක‍්‍රමයෙහි න්‍යායවාදීහු හො`දින් දැන සිටියහ. ඇමරිකානු ජනතාවට ඉලක්ක කරගත් උන්මාදනීය ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය මිහිතලයේ ජනතාවට දැනුණු අවංක ශෝකයෙන් සහ කම්පනයෙන් පසු වරප‍්‍රසාදිත ස්ථානයන්හි සිටින අති අන්තවාදී සංග‍්‍රාමශීලි ගොදුරු සොයන්නන්, සංග‍්‍රාමික හා තාක්ෂණික හැකියාවන් අතින් ලෝකයේ බලවත්ම රට තම ග‍්‍රහණයට නතු කොටගෙන ඇත. ඝාතනය කිරීමට සහ විනාශ කිරීමට එහි ඇති හැකියාව දැවැන්තය. එහෙත් සමානාත්මතාවයට යහපතට සහ චින්තන හැකියාවට එහි ඇති ප‍්‍රවණතා අවමය. වෙනත් ධනවත් සහ බලසම්පන්න රටවල පොදු වරප‍්‍රසාද පවත්නා අවස්ථාවාදයේ වෙනත් සංකීර්ණතාද ඇතුළත් සංධානයකට බිහිසුණු, පුරෝකථනය කළ නොහැකි ප‍්‍රතිවිපාකයන් වැලැක්වීමට කිසිසේත් නොහැකිය. කුමන යුද ක‍්‍රියාවක් ඇරඹුවත් එහි ප‍්‍රථම වින්දිතයා වන්නේ ලොව දුප්පත් නොදියුණු රටවල වෙසෙන ජනයාය. විශ්වාස කළ නොහැකි ආර්ථික හා සමාජීය ගැටළුවලින් පෙළෙන, ගෙවා දැමිය නොහැකි තරම් ණයබරින් යුක්ත ජනයාය. මූලික අවශ්‍යතාවයන් ස`දහා දැවැන්ත මිල ගණන් ගෙවීමට සිදුව තිබෙන ජනයාටය. ස්වාභාවික හා පාරිසරික ව්‍යයසනයන්ට ගොදුරුවෙන ජනයාටය. කුසගින්නෙන් හා දැරිය නොහැකි දරිද්‍රතාවයෙන් පෙළෙන ජනයාටය. මන්දපෝෂණයෙන් යුත් දරුදැරියන් හා භයානක ඒඞ්ස් හා මැලේරියා හා ක්‍ෂය රෝගය වැනි රෝගද බෝ නොවන රෝගයන්ගෙන් ද පීඩාවට පත්ව ඇති බිලියන ගණනාවක ජනතාවය. දරුණු ලෝක ආර්ථික අර්බුදය වනාහී දැවැන්ත ආර්ථික බල කේන්ද්‍රස්ථාන වල සිටින සියල්ලන් කෙරෙහිම නිරායාසයෙන් බල පවත්නා ප‍්‍රතික්ෂේප කළ නොහැකි කරුණක් බවට පත්ව ඇත. එවැනි අර්බුදයක් වනාහී නව තත්ත්වයන් යටතේ වර්ධනය වීමද නොවැලැක්විය හැක්කකි. අති බහුතර ජාතීන්ට එය උහුලාගත නොහැකි වන විට ව්‍යාකූලත්වයට පත් කැරලි ගැසීම් සහ පාලනය කළ නොහැකි තත්ත්වයකට පත්වනු ඇත. ධනපති රටවලට ගෙවිය යුතු මිල ද ගෙවා දැමීමට නොහැකි වනු ඇත. වර්ෂ ගණනාවකට පාරිසරික සහ පරිසර අධ්‍යයනයන් කෙරෙහි මනා අවධානයක් යොමු කිරීමට නොහැකි වනු ඇත. මක්නිසාද යත් ඒ සියල්ල යුදමය කටයුතු විසින් යටපත් කරගෙන සිටීමයි. එක්සත් ජනපද කොන්ග‍්‍රසය ඉදිරියේදී ඇමරිකානු ජනාධිපතිවරයා මෙම ප‍්‍රහාරයෙන් පැය 36කට පසු සිදුකළ කතාවට සවන්දීමෙන් පසු මනුෂ්‍යත්වය පිළිබඳ කිසියම් හෝ බලාපොරොත්තුවක් ඇතිකර ගත හැක්කේද යන ප‍්‍රශ්නය මතු කරවයි. එකී කථිකයාගේ කතාව පිළිබ`ද විශේෂණ පද දැක්වීමට හෝ එහි ගුණාගුණභාවය පිළිබ`ද විමසීමට ලක් කිරීමට මට අවශ්‍ය නැත. එම කතාවෙන් නිරූපනය වන දෙය එම කතාවෙහි කෙටි වදන් කිහිපයකින් මම අනාවරණය කරනු කැමැත්තෙමි. යුද්ධය ස`දහා අවශ්‍ය සෑම දෙයක්ම අපි උපයෝගී කර ගන්නෙමු. මෙතෙක් දැක නොමැති අන්දමේ දීර්ඝ යුද ව්‍යාපාරයක් මිස එක යුද්ධයක් ඇමරිකානුවන් බලාපොරොත්තු නොවිය යුතුය. එක්කෝ ඔබ සියල්ල අප සමග විය යුතුය. නැතිනම් ඔබත් ත‍්‍රස්තවාදීන් සමග සිටිය යුතුය. යන්න පිළිබ`දව සෑම ජනතාවක්ම අද තීරණය කළ යුතුය. සියලූ හමුදාවන් සූදානම්ව සිටින ලෙස මම දැනුම් දී ඇත. ඊට හේතුවක් තිබේ. ඇමරිකාව ක‍්‍රියාත්මක වී ඔබ ඔවුන් සාඩම්බරත්වයට පත්කරන මොහොත ල`ගාවෙන මොහොතට පත්ව ඇත. මෙය ලෝකයේ සටනකි. මෙය ශිෂ්ටාචාරයේ සටනකි. අපගේ කාලයෙහි අත්කර ගතහැකි ශ්‍රේෂ්ඨත්වය සෑම කාලයකටම තැබිය හැකි විශාල බලාපොරොත්තුවක් දැන් ඇමරිකානු ජනතාව මත ර`දා පවතී. මේ සටනහි ක‍්‍රියාවලිය අවිනිශ්චිතය. එහෙත් එහි ප‍්‍රතිඵලය නම් නිශ්චිතය. දෙවියන් වහන්සේ මධ්‍යස්ථ නොවන බව අපි දනිමු. ඉහත ස`දහන් වගන්ති තුළ අන්තර්ගත අදහස් පිළිබ`දව සන්සුන්ව එහෙත් ගැඹුරින් සිතා බලන ලෙස මම සහෝදර රටවැසියන්ගෙන් ඉල්ලමි. එක්කෝ ඔබ අපි සමගද? නැතහොත් ත‍්‍රස්තවාදීන් සමගද? එක්සත් ජනපද කොංග‍්‍රසය ඉදිරියේ ජනාධිපතිවරයා ඉදිරිපත් කර ඇත්තේ කිසිම ජාත්‍යන්තර ආයතනයකට හෝ නීති රීතියකට පටහැනි හුදෙක් බලය මත පදනම් කරගත් ලෝක ව්‍යාප්ත යුද ආඥාදායකත්වයක් පිළිබ`ද අදහසකි. වර්තමාන අර්බුදයෙහි එක්සත් ජාතීන්ගේ සංවිධානය නොසලකා හැර ඇති අතර දැන් ඇත්තේ එක් ලොක්කෙක්, එකම විනිශ්චයකරුවෙක්, එකම නීතියකි. එක්කෝ ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩුව සමග නැතහොත් ත‍්‍රස්තවාදය සමග සංධාන ගතවීමට අප සියලූ දෙනාට නියම කොට ඇත. කියුබාව වනාහී ඉතා දීර්ඝ වශයෙන් ත‍්‍රස්තවාදී ක‍්‍රියාවන්ගෙන් පීඩාවි`ද ඇති රටක් වන අතර ලෝකයේ කිසිදු රටකට ඊට තර්ජනය කළ නොහැකි බැවින් කියුබානු ජනතාවට කිසිම දෙයක් කෙරෙහි බියවීමට හේතුවක් නැත. එබැවින් ත‍්‍රස්තවාදයට විරුද්්ධ බව ප‍්‍රකාශ කිරීමටත්, එනම් යුද්ධයට විරුද්ධ වීමටත් ඔවුනට සදාචාරාත්මක බලයක් තිබේ. යුද්ධය ස`දහා වන ශක්‍යතාවයන් දැන් තුනී වී ඇතත්, පුරෝකථනය කළ නොහැකි ප‍්‍රතිවිපාක ගෙනදෙන යුද්ධයක් වැලැක්වීමේ අවශ්‍යතාවය කියුබාව නැවත නැවතත් තහවුරු කරයි. එසේම ත‍්‍රස්ත‍්‍රවාදය මූලෝත්පාඨනය කිරීම ස`දහා සියලූ රටවල් සමග සහයෝගයෙන් ක‍්‍රියාත්මක කිරීමට ඇති කැමැත්ත කියුබාව පුනරුච්ඡුාරණය කරයි. තරුණ ඇමරිකානු යුද භටයන් හුදකලාගතව ළ`ගාවිය නොහැකි ඈත ප‍්‍රදේශ වල කරනු ලබන අවිනිශ්චිත සටන් ස`දහා යොමු නොකරන ලෙස අරමුණක් ඇති සාමකාමී මිතුරෙකු ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩුවට උපදෙස් දිය යුතුය. ඇමරිකානු ජනතාව සතුරු බව කියුබාව කිසිදින ප‍්‍රකාශ නොකරයි. ඉහත ජනධිපතිවරයාගේ ප‍්‍රකාශය මගින් ඇමරිකානු ජනතාව වෛරය සහ පළිගැනීම වපුරන ජනතාවක් බවට පත්කරන අතර සාමය ස`දහා ගයන ගීතිකාවන් ද තහනම් කර ඇත. එහෙත් අනෙක් අතට ප‍්‍රකාශිත යුද්ධය පැවතුනත් කියුබානු ජනතාව සාමයේ ගීතිකා සහ සංගීතය නොනවත්වා ගයනු ඇත. කුමක් සිදුවුවත් කියුබානු දේශය ඇමරිකානු ජනතාවට එරෙහිව ත‍්‍රස්තවාදී ක‍්‍රියාවන් ස`දහා කිසිදිනක භාවිතා නොකරනු ඇත. එමෙන් ම එකී ජනතාවට විරුද්ධව කරන සෑම ක‍්‍රියාවක්ම වැලැක්වීම ස`දහා අපගේ බල සීමාව තුළ කළහැකි සියලූ දෙයක්ම කරන්නෙමු. සාමය සහ නිහැ`ඩියාව ඉල්ලමින් අපි අපගේ සහයෝගීතාවය ප‍්‍රකාශ කරන්නෙමු. ඒ අතර තවත් කිවයුත්තක් තිබේ. අපට පහර දුනහොත් අපගේ අවසන් ලේ බි`දුව දක්වා අපගේ නිදහස, අපගේ මූලධර්ම හා අපගේ සමාජය අත්පත් කර ගැනීම් ස`දහා අපි සටන් කරන්නෙමු. එවැනි දෙයක් කිරීම ස`දහා ව්‍යාජ හේතු නිර්මාණය කිරීම ලේසි පහසු දෙයක් නොවේ. පතල යුද්ධායුද භාවිතා කරමින් කරනු ලබන යුද්ධයක් පිළිබ`දව දැන් ඔවුන් කතා කරන බැවින් එය අපට අලූත් අත්දැකීමක් නොවුනත් ඒ පිළිබ`දව සිහිකිරීම හොදයි. දශක හතරකට පෙර සංග‍්‍රාමික සහ උපක‍්‍රමශීලී න්‍යෂ්ඨික අවි කියුබාව කෙරෙහි යොමුකර තිබේ. එම කරුණ කෙරෙහි අප රට එකම වැසියෙකුවත් නිදිවරා සිටි බවක් කිසිවකු නොදනී. අප වනාහී එකී වීරෝදාර ජනතාවගේ ¥ පුතුන්ය. ඔවුන් පෙර කවරදාටවත් වඩා අද විප්ලවවාදී හා වීරෝදාර බවකින් යුක්තය. ලොවට තර්ජනය කරන භයානක නාටක පිළිබ`ද ලෝකය අවබෝධ කරගනු ඇත. එයින් සිදුවිය හැකි වේදනාවන් පිළිබඳව ඔවුනට දැනෙනු ඇත. ලෝකය ඊට විරුද්ධව හ`ඩ නගනු ඇත. පෙර කිසිදාකටත් වඩා ප‍්‍රමුඛත්වයෙන් සහ අධිෂ්ඨානශීලීත්වයෙන් ප‍්‍රකාශ කිරීමේ මොහොත කියුබානුවන්ට දැන් එළඹ ඇත. ” සමාජවාදය හෝ මරණය” ” මව්බිම හෝ මරණය” ” අපට ජය නියතය ”

Read more
View All Sunday News

advertisements